අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පනත් කෙටුම්පත් 5කට කථානායකවරයාගේ සහතිකය

    පෙබරවාරි 21, 2022

    පසුගියදා පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන සම්මත වූ පනත් කෙටුම්පත් 5 ක් සදහා  කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය (17) වෙනිදා සටහන් කළේය.

    මේ අනුව පසුගිය 9 සහ 10 දෙදින පාර්ලිමේන්තුවේදී විවාද කර සම්මත වූ අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන), පුද්ගලනාශක බිම්බෝම්බ තහනම් කිරීම, අධිකරණ සංවිධාන (සංශෝධන), සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන), පළාත් සභා (මුද්දර ගාස්තු මාරු කිරීමේ) (සංශෝධන) යන පනත් කෙටුම්පත් සදහා මෙලෙස කථානායකවරයා සිය සහතිකය සටහන් කළේය.

    ඒ අනුව, මෙම පනත් 2022 අංක 2 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන)පනත, 2022 අංක 3 දරන පුද්ගලනාශක බිම්බෝම්බ තහනම් කිරීමේ පනත, 2022 අංක 4 දරන අධිකරණ සංවිධාන (සංශෝධන) පනත, 2022 අංක 5 දරන සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) සහ 2022 අංක 6 දරන පළාත් සභා (මුද්දර ගාස්තු මාරු කිරීමේ) (සංශෝධන) පනත ලෙස ඊයේ (17) සිට බලාත්මක වේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya