අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික විද්‍යා පදනමේ ගෝලීය ඩිජිටල් වේදිකාව ජනගත කිරීම පෙබරවාරි 21 දා

    පෙබරවාරි 17, 2022

    ජාතික විද්‍යා පදනමේ ගෝලීය ඩිජිටල් වේදිකාව ජනගත කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි 21 (සඳුදා) පෙ.ව 9.00ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සිදු කිරීමට නියමිතය.

    මෙම වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් (17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ජාතික විද්‍යා පදනමේ සභාපති , රුහුණු විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය රංජිත් සේනානායක සහ ජාතික විද්‍යා පදනමේ ජාත්‍යන්තර සබඳතා අංශයේ ප්‍රධානි ජෙ.ජී.ශාන්ත සිරි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    එහිදී වැඩිදුර අදහස් දැක්වූ ජාතික විද්‍යා පදනමේ සභාපති මහාචාර්ය රංජිත් සේනානායක මහතා , සමාජ ආර්ථික සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම පිණිස විද්‍යාව හා තාක්ෂණය උපයෝගි කර ගන්නා අකාරය සහ විද්‍යාව හා තාක්ෂණය තුළින් පොදු ජනතාවගේ අභිවෘද්ධිය සහතික කරන්නේ කෙසේද? යන පුළුල් භූමිකාවක් ජාතික විද්‍යා පදනමට ඇති බවද විද්‍යාව ක්ෂේත්‍රයේ ධාරිතා සංවර්ධනයට අවශ්‍ය පුහුණුව සහ දැනුම ලබාදීම, පශ්චාත් උපාධි ලබාදීම ,ජාත්‍යන්තර සම්බන්ධතා ගොඩනැගීම අදිය සිදු කිරීම, විද්‍යාව ප්‍රජාවට ගෙන යාම සඳහා විශේෂ අවධානයක් යොමු කිරීමද , 21වෙනි සියවසේ ඩිජිටල් සාක්ෂරතාව ඇති කිරීමට විද්‍යාඥයින්ගේ නව සොයා ගැනීම් ජාත්‍යන්තරයට ගෙන යාමට ජාත්‍යන්තර සඟරා පවත්වාගෙන යාම , විද්‍යාව හා තාක්ෂණයට අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය සහ දත්ත පද්දති පවත්වාගෙන යාම ජාතික විද්‍යා පදනමට ඇති වගකීම් බවයි.

    ශ්‍රි ලංකාව 2035 වනවිට සංවර්ධන රටක් කරා ගෙන යාමට අවශ්‍ය බව පැවසූ සභාපතිවරයා , ඒ සඳහා වාර්ෂික දළ ජාතික ආදායම වර්ධනය විය යුතු බවත් ජාතික විද්‍යා පදනම හැටියට එම ආර්ථික වර්ධනය කරා ශ්‍රි ලංකාව ගෙන ගොස් සංවර්ධිත රටක් කිරීමට නායකත්වය දී සැබැ හවුල් කාරයෙකු වීමට මේ වන විට සැළසුම් සකසා ඇති බවද කීය.

    ලංකාවේ පර්යේෂණවල නිරත වී සිටන විද්‍යාඥයින් පිරිස මිලියනයකට 106 ක් පමණ වන බව පෙන්වා දුන් සභාපතිතුමා , මිලියනයකට ඉන්දියාවේ 250ක් ද පකිස්ථානයේ 350ක් ද මැලේසියාවේ 2000ක් ද කොරියාවේ 3000 ක් සහ ඊශ්‍රායලයේ 4000කට වැඩි බවද පැවසුවේය.

    ලංකාවෙන් අපනයනය කරන භාණ්ඩ හා සේවා 99% ක්ම ප්‍රාථමික මට්ටමේ බවත් 1% පමණක් උසස් තාක්ෂණික මට්ටමේ පවතින බවද පෙන්වා දුන් ඒ මහතා , වර්ථමානයේ අප රටට අවශ්‍ය වන්නේ උසස් තාක්ෂණික මට්ටමේ අපනයන බවත් ඉන්දියාවේ 9% ක් තායිලන්තයේ 23% ක් චිනයේ 31% ක් කොරියාවේ 32%ක් වියට්නාමයේ 40%ක් සිංගප්පූරැවේ 50%ක් සහ මැලේසියාවේ 53% ක් දැනුම මත පදනම් වූ උසස් තාක්ෂණික මට්ටමේ භාණ්ඩ හා සේවා අපනයනය කරන බවද කීය.

    ශ්‍රි ලංකාවේන් සංභවය වූ අනේවාසික විදයාඥයින් , වෘත්තිකයින්, පර්යේෂණවේදින් ව්‍යවසායකයින් මිලියන 3ක් පමණ සිටින බව කී සභාපතිතුමා මේ පිරිස ලංකාව සමඟ උදව් කිරිමට කැමති නමුත් මේ සඳහා පැහැදිළි යාන්ත්‍රනයක් නොමැති බැවින් ඔවුන්ගේ සේවාවන් ලබා ගැනීමට නොහැකි වූ බවත් ජාතික විද්‍යා පදනම ඩිජිටල් යුගයේදී ඩිජිටල් තාක්ෂණය යොදා ගනිමින් ඩිජිටල් වේදිකාවක් තැනු බවත් එම වේදිකාවේ ශ්‍රි ලංකික සම්භවයක් ඇති විදයාඥයින් ,වෘත්තිකයින්,පර්යේෂණවේදින් ව්‍යවසායකයින් විශාල ප්‍රමාණයක් මේ වන විට ලියාපදිංචි වී ඇති බවද පැවසුවේය.

    විද්‍යාව හා තාක්ෂණ ක්ෂේත්‍රෙය් හැරවුම් ලක්ෂයක් ලෙස ගෝලීය ඩිජිටල් වේදිකාව දියත් කිරීම පෙන්වා දිය හැකි බව කී සභාපතිතුමා ජාත්‍යන්තර මට්ටමේ සිටින ඉතාම අග්‍රගනය රටට අවශ්‍ය දේශිය වශයෙන් ශ්‍රි ලංකාවට අවශ්‍ය බුද්ධිමය දේපළ පෙළගැස්ම සිදු කිරීමද මෙමගින් සිදු වන බවත් මෙම සකසන වේදීකාව විද්‍යාවේ සහ තාක්ෂණයට පමණක් නොව ලංකාවටම වැදගත් දිනයකන් වන බවද කීය.

    ගෝලිය ඩිජිටල් වේදිකාව දියත් කිරීම සම්බන්ධයෙන් ජාතික විද්‍යා පදනමේ ජාත්‍යන්තර සබඳතා අංශයේ ප්‍රධානි ජෙ.ජී.ශාන්ත සිරි මහතා පැවසුවේ, මේ වන විට මෙම වේදිකාවට ශ්‍රි ලංකික විදේශ ගත විද්‍යාඥයින් 950ක් පමණ ලියාපදිංචි වී සිටින බවත් මේ අය අතරින් විවිධ තාක්ෂණයන් හා සම්බන්ධ විශේෂ දැනුමක් ඇති විද්‍යාඥයින් සිටින බවත්ය.

     

    ලංකාවේ හොඳම විශේෂඥයින් සිටන බව පෙන්වා දුන් ඒ මහතා අපට විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රෙය් තනිව ගමනක් යාමට නොහැකි බවත් අපට ඇති සීමා සහිත සම්පත් නිසා විද්‍යා හා නවෝත්පාදන වැඩි කර ගැනවීමට නම් අප යෙදවුම් වැඩි කිරීමට අවශ්‍ය බවද කීය.

    මේ වේදිකාව මගින් ශ්‍රී ලංකික විදේශගත විද්‍යාඥයින්ගේ දායක්වය ලබා ගැනිම සිදු කරන බව පෙන්වා දුන් සිරි මහතා, ලියාපදිංචි වී සිටින විදේශගත විද්‍යාඥයින්ගේ සියලුම තොරතුරු ගබඩා කර ඇති බවත් මෙම වේදිකාව මහජනතාවට විවෘත වු පසු ඔනෑම පුද්ගයෙකුට තමන්ගේ අවශ්‍යතාවයට අනුව විද්‍යා දැනුම ඇති විද්‍යාඥයින් හා සම්බන්ධ වී ඉදිරි කටයුතු කිරීමට හැකි බවත් මෙම වේදිකාවේ ලාංකික පුද්ගලයෙකුට තමන්ගේ නව නිපැයුම් ද විශ්වවිද්‍යාල සිසුනටද තමන්ට අවශ්‍ය අධික්ෂණයට විශේෂඥයෙකුද සම්බන්ධකර ගැනීමට හැකියාව ඇති බවත් ඒ අතරම කිසියම් විද්‍යාඥයෙකු ලංකාවට පැමිණීමට නියමිත නම් මෙම වේදිකාවේ ඇති දින දර්ශනයේ එය සටහන් කළ හැකි බවත් ඒ අනුව ඔහු ලංකාවට පැමිණි පසු යම් යම් වැඩසටහන් ඔවුන් සමඟ සම්බන්ධ කර ගැනීමටද හැකියාව ඇති බවද පෙන්වා දුන්නේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya