මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට එල්ල වූ ප්‍රහාරය - පොලිස් කණ්ඩායම් කීපයක් විමර්ශනය කරයි

    පෙබරවාරි 14, 2022

    මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට එල්ල වූ ප්‍රහාරය පිළිබඳව සොයාබැලීමට මේ වනවිට පොලිස් කණ්ඩායම් කීපයක් විසින් විමර්ශන සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසයි.

    පිළියන්දල පොලිස් වසමේ පිහිටි මෙම නිවසට අද අළුයම යම් නාඳුනන පිරිසක් විසින් ගල් ප්‍රහාරයක් සමඟ යම් අපද්‍රව්‍යයක් එල්ල කර ඇතැයි දැනට අනාවරණය වී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

    මෙම සිදුවීම සම්බන්ධව තොරතුරු ලැබුණු අවස්ථාවේ සිට විමර්ශන ආරම්භ කළ බවත් පොලිස්පතිවරයාගේ සෘජු උපදෙස් අනුව පොලිස් කණ්ඩායම් කීපයක් ක්‍රියාත්මක බවත් නොකඩවා විමර්ශන කටයුතු සිදු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya