මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''යුක්‍තියට ප්‍රවේශය''විශේෂ ජංගම සේවාව යාපනයේ ඇරඹේ  

    ජනවාරි 30, 2022

    වත්මන් රජයේ ''සෞභාග්‍යයේ දැක්ම '' වැඩපිළිවෙල යටතේ '' Access to Justice''( යුක්‍තියට ප්‍රවේශය ) විශේෂ ජංගම සේවාවේ යාපනය දිස්ත්‍රික්කයේ සමාරම්භය විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරීස්, ධීවර
    අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යාපනය මධ්‍ය මහා විද්‍යාලයේ දී (29)ආරම්භ කෙරිණි.

    අධිකරණ අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවලින් සිදු කරනු ලබන කාර්ය භාරයන් පිළිබදව උතුරු පළාතේ යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම හා වව්නියාව දිස්ත්‍රික්කවල ජනතාව දැනුවත් කිරීම හා ඒම ආයතනවලින් ලබා දෙනු ලබන සේවාවන් කඩිනමින් ලබාදීම, ගැටුම් හේතුවෙන් අතුරුදහන් වු පුද්ගලයින්ගේ පවුල් සදහා වන්දි පිරිනැමීම හා සාමය හා සංහිදියාව පිළිබදව උතුරේ ජනතාවට පවතින අවබෝධය තවදුරටත් වර්ධනය කිරීම මෙම ජංගම සේවයේ මුලික අරමුණයි.

    සියලු ජාතීන් අතර සමගිය හා ඒක්සත් බව ආරක්ෂා කර ගනිමින් සංහිදියාව ජාතික සමගිය ඇති කරලීම වෙනුවෙන් කටයුතු කළ යුතු බවත්, අතිගරු ජනාධිපතිතුමාගේ හා අග්‍රාමාත්‍යතුමාගේ නායකත්වයෙන් සියලු දෙනා අතර සාමය සමගිය ඒක්සත් බව ඇති කරලීමට කැපවීමෙන් කටයුතු කරන බවත් අධිකරණ අමත්‍යවරයා පැවසීය.

    අධිකරණ අමාත්‍යාංශයට යටතේ පවතින අතුරුදහන් වු පුද්ගලයින් සදහා වු කාර්යාලය, හානි පුර්ණ කාර්යාලය හා ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සදහා කාර්යාලය තුළින් උතුරේ ජනතාවට ලබා දිය හැකි උපරිම සේවාවන් ලබාදීමට මේ වන විටත් පියවර ගෙන ඇති බවත්, අතුරුදහන් පුද්ගලයින් සදහා වු කාර්යාලය ක්‍රියාකාරී ආයතනයක් බවට පත් කර ඇති අතර ජංගම සේවාව මුල් කොට ගෙන පමණක් රුපියල් මිලියන 100 ක පමණ මුදලක් ගැටුම් හේතුවෙන් අතුරුදහන් වු ජනතාවගේ පවුල් වෙත වන්දි වශයෙන් ලබාදීමට පියවර ගත් බවත්, පවසන ලදී. අභිමානවත් කාර්යක්ෂම අධිකරණ පද්ධතියක් ස්ථාපිත කිරීමට කටයුතු කර ඇති බැවින් ඒ් සදහා සියලු දෙනාගේ සහාය අපේක්ෂා කරන බව ද කීය.

     

    විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කළේ , අතුරුදහන් වු පුද්ගලයින් සදහා වු කාර්යාලය විසින් වන්දි ලබාදීමට ජංගම සේවාව පැවැත්වෙන කාලය තුළ පමණක් රුපියල් මිලියන 100 ක මුදලක් වෙන් කර තිබීම අගය කළ යුතු අතර මේ සදහා නායකත්වය ලබාදීම පිළිබදව ගරු අධිකරණ අමාත්‍යතුමාට කෘතවේදීත්වය පළ කළ යුතු බවයි. නීතිමය පිළිබදව පවතින නොදැනුවත්කම නිසාම ජනතාව වැරදි සිදු කරනු ලබන බවත්, රටේ පවතින නීතිය පිළිබදව ජනතාවට අවබෝධයක් ලබාදීම ඉතා වැදගත් ක්‍රියාවක් බවත් පැවසීය.

    ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා, යාපනය දිස්ත්‍රික් ලේකම් කනපති පිල්ලෛයි මහේෂන් යන මහත්වරුන් මෙහිදී අදහස් පළ කළ අතර, රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමාන්, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන්, යන මහත්වරුන් ඇතුළු ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් M.M.P.K. මායාදුන්නෙ, මහතා ඇතුළු රාජ්‍ය නිළධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.

     

    මෙහිදී ජංගම සේවා භූමියේ අධිකරණ අමාත්‍යංශය හා අනුබද්ධ ආයතන මෙන්ම රජයේ අනෙකුත් ආයතන විසින් ජනතාව දැනුවත් කිරීම හා සේවාවන් සැපයීම වෙනුවෙන් ඉදිකරන ලද ප්‍රදර්ශන කුටි නිරික්ෂණයට ද අමාත්‍යවරු පිරිස එක්විය. උතුරු පළාත් යාපනය දිස්ත්‍රික් විශේෂ ජංගම සේවාවට සමගාමීව රජයේ ප්‍රතිපාදන රුපියල් මිලියන 180 ක් යොදවමින් ඉදිකරන ලද යාපනය අධිකරණ සංකීර්ණයේ නව මහාධිකරණ ගොඩනැගිල්ල නිරීක්ෂණය කරමින් නිල වශයෙන් විවෘත කිරීම අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

     

    ජනවාරි 29,30 දෙදින පුරා යාපනය මධ්‍ය මහා විද්‍යාලයේදී ජංගම සේවය පැවැත්වෙන අතර එහිදී අධිකරණ අමාත්‍යංශය අනුබද්ධ ආයතන මුල්කොට ගනිමින් ආරවුල් විසඳා ගැනීම සඳහා නීති උපදෙස් ,ඉඩම් හා දේපල ආරවුල් පිළිබඳ ගැටළු සදහා විසඳුම් ,සමථ ක්‍රියාවලිය හා විකල්ප ආරවුල් විසඳුම් ක්‍රම හදුන්වාදීම, මත් ද්‍රව්‍ය නිවාරණය, නීතිය හා සංහිඳියාව පිළිබඳ පාසැල් සිසුන් දැනුවත් කිරීම, අතුරුදන් වූවන් පිළිබඳව පැමිණිලි විමර්ශණය ,වෘත්තීය පුහුණු මාර්ගෝපදේශ, හැදුනුම්පත්, උපත් හා මරණ සහතික ලබාගැනීමේ ගැටලු විසඳීම ආදි සේවාවන් හා කාර්යන් රැසක් ඉටු කර ගැනීමට හැකි වෙයි

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya