මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු කොරියාවේ රැකියා ලැබිම ක්‍රමයෙන් වැඩිවෙයි

    ජනවාරි 27, 2022

    දකුණු කොරියාව බලා මේ වසරේ හතරවන කණ්ඩායමත් පිටත්වෙයි.

    දකුණු කොරියාවේ රැකියා සදහා මේ වසරේ පිටත්වන හතරවන කණ්ඩායමේ ( 25)රාත්‍රී දිවයිනෙන් පිටත්ව ගිය අතර, එම කණ්ඩායමට රැකියාලාභීහු 80 දෙනකු ඇතුළත් වෙති.ඉන් ප්‍රථම වරට දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්වන 40 දෙනකු හා නිවාඩුවට ලංකාවට පැමිණ නැවත වරක් රැකියා සදහා පිටත්වන 40 දෙනකු ඇතුළත් විය.

    දකුණු කොරියාවේ රැකියා සදහා 89 දෙනකුගෙන් සමන්විත පළමු කණ්ඩායම පසුගිය 04 බදාදා පිටත්ව ගියේය.

    විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළදපල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාගේ මැදිහත්වීම හේතුවෙන්, මේවනවිට කොරියාවේ රැකියා සදහා ගිවිසුම් ලැබිම ක්‍රමයෙන් වර්ධනය වී තිබේ. ඒ අනුව මේ වසරේ ජනවාරි මාසයේ පමණක් 169 දෙනකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇත.

    2021 වර්ෂයේ දකුණු කොරියාවේ රැකියා සඳහා 1427 දෙනකු පිටවගොස් ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya