මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජල බිල්පත් හිඟ මුදල් හැකි ඉක්මණින් ගෙවන්න - නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (වාණිජ)

    ජනවාරි 24, 2022

     ජල බිල්පත්  හිඟ මුදල් හැකි ඉක්මණින් ගෙවා නිම කරන ලෙස ජල පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින බව ජල සම්පාදන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (වාණිජ) පියල් පත්මනාත මහතා අද (24) රජයේ නිල වෙබ් අඩවිය විසින් කරන ලද විමසුමේ දී කියා සිටියේය.

    ඒ අනුව, ඉදිරියේ දී මාසික ජල බිල්පත මාස හයකට වැඩි කාලයක් ගෙවා නොමැති ජල බිල්පත්වල ජල සබඳතාව විසන්ධි කිරීමට කටයුතු කරන බව හෙතෙම කියා සිටින ලදුව, Covid-19 හේතුවෙන් ජනතාවට සහන විශාල ලෙස ලබා දීමට ජලසම්පාදන මණ්ඩලය කටයුතු කරනු ලැබූ බවත්, එහෙත් ඉදිරියේ දී හිඟ වාරික ගෙවා නොමැති ජල සබඳතාවයන් විසන්ධි කිරීමට මෙම පියවර ගනු ලබන්නේ ජල පාරිභෝගිකයින් ජල බිල්පත් ගෙවීම ප්‍රමාද කිරීම නිසා බිලියන 05 ක
    පමණ හිඟ මුදලක් පවතින හෙයින් එකී හිඟ මුදල් අයකර ගැනීමට බවත් හෙතෙම කියා සිටියේය.

    එමෙන්ම, ජල බිල්පත් ගෙවීම ප්‍රමාදයකින් තොරව ගෙවා නිම කරන ලෙසත්, ප්‍රමාදයකින් තොරව ගෙවන එනම් බිල්පත ලැබී දින දහහතරක් තුළ ගෙවන ජල බිල්පත් සඳහා සියයට 1.5 ක වට්ටමක් ලබා දෙනවා, මෙන්ම බිල්පත ලැබී දින 30 ක් තුළ නොගෙවන ගෙවන ජල බිල්පත් සඳහා සියයට 2.5 ක ප්‍රමාද ගාස්තු අයකෙරෙන බව ද පියල් පත්මනාත මහතා මෙහි දී වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya