මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපදින්නේදැයි සොයා මෙහෙයුම්

    ජනවාරි 24, 2022

    බස්නාහිර පළාතේ මහජනයා නිසි ලෙස සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපදින්නේද යන්න පරීක්ෂා කිරීම හා සෞඛ්‍යාරක්ෂිත උපදෙස් උල්ලංඝණය කරන පුද්ගලයන්ට එරෙහිව පියවර ගැනීම ඉලක්ක කර ගනිමින් විශේෂ මෙහෙයුමක් ජනවාරි 23 දින (ඊයේ) ක්‍රියාත්මක කෙරිනි.

    ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ජනවාරි 24 දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කර ඇත.

    රථ වාහන අංශ පොලිස් නිලධාරීන් විසින් යතුරුපැදි හා ත්‍රිරෝද රථවලින් ගමන් ගන්නා පුද්ගලයන් දැනුම්වත් කිරීම එහිදී සිදු වූ අතර යතුරු පැදි හා ත්‍රී රෝද රථ 5125ක් පරික්ෂා කර එම යතුරු පැදි හා ත්‍රී රෝද රථවලින් ගමන් ගන්නා පුද්ගලයන් 7084ක් සම්බන්ධයෙන් සොයා බැලිනි. එම පුද්ගලයන් අතුරෙන් 1015 දෙනෙකුට අවවාද කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya