මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශිෂ්‍යත්වය ලියන දූ පුතුන්ට කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරුන්ගෙන් සුභ පැතුම්!

    ජනවාරි 19, 2022

    එළඹෙන 22 වනදා පහේ ශිෂ්‍යත්වයට මුහුණදීමට සිටින පුංචි දූ පුතුන්ට මුළු රට වෙනුවෙන්ම සහ කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරුන් වෙනුවෙන් මෙන්ම ආදරණීය තාත්තලා වශයෙන් ඉතාම ආදරණීයව සුභපැතුම් එකතු කරන බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා  ප්‍රකාශ කළේ ය.

    ඔහු මේ බව කියා සිටියේ අද (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    වසංගත තත්ත්වය තුළ විභාගයන් අඛණ්ඩව පවත්වාගෙන යාමට  ආණ්ඩුවක් ලෙස ඉහළ කැපවීමක් සිදුකළ බව සිහිපත් කළ අමාත්‍යවරයා, මෙවර ශිෂ්‍යත්ව විභාගය මාස 05කට පසු පැවැත්වෙන බව එනම් පසුගිය වසරේ අගෝස්තු පැවැත්වීමට තිබූ බව ද පැවසීය.

    ඉතාම පීඩනයක් මධ්‍යයේ පසුගිය වසරේ මෙරට පුංචි දුවා දරුවන් ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන අවස්ථාවේ තමා අධ්‍යාපන ඇමති වශයෙන් සිටි බවද, එහිදී පුංචි දුවා දරුවන්ට සහනයක් ලබාදීමට විශේෂ තීරණයක් ගත් බවද, ඔහු සිහිපත් කළේය.

    ප්‍රශ්න පත්‍ර දෙකකින් සමන්විත විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය සඳහා ලබාදුන් විනාඩි 45ක කාලයට තව විනාඩි 15ක කාලයක් වැඩි කළ බවද, දෙවන ප්‍රශ්න පත්‍රය වන බහුවරණ පත්‍රය සඳහා එතෙක් පැවති පිළිතුරු 04 පිළිතුරු 03 දක්වා වෙනස් කළ බවද කීය.

    පුංචි දූලා පුතාලාට යම් අස්වැසිල්ලක් ලබාදීමට ගත් මෙම ක්‍රියා මාර්ගය මෙරට දරුවන් ඉතාම ඉහළින් භාරගත් බවද, ඒ අනූව ලංකා ඉතිහාසයේ පළමු වරට ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 200න් 200  ගත් දරුවන් 11ක් සිටි බවද අමාත්‍යවරයා පැවසීය.

    ඒ ආකාරයෙන්ම මෙවරත් විභාගය පවත්වන බවද, මෙවර විභාගයට  පුංචි දුවා දරුවන් 340,508ක් පෙනී සිටින බව ද, දරුවන් විශ්වාස කරන ලෙසද, දරුවන්ගේ ශක්තිය පිළිබදව විශ්වාස කරන ලෙසද ජනමාධ්‍ය අමාත්‍යවරයා දෙමාපියන්ට අවධාරණය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya