මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොවිඩ් වැළදී සිටියත්,රෝග ලක්ෂණ තිබුණත් දරුවන්ට ශිෂ්‍යත්වයට වාඩිවිය හැකියි- විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා

    ජනවාරි 19, 2022

    කොවිඩ්-19 වැළදී සිටියත්, රෝග ලක්ෂණ තිබුණත් දරුවන්ට ශිෂ්‍යත්වයට වාඩිවිය හැකි බවද, මේ සඳහා දරුවන් වෙනුවෙන් දිවයින පුරා විශේෂිත විභාග මධ්‍යස්ථාන 108ක් හදුනාගෙන ඇතැයිද, සෞඛ්‍ය අමාත්‍යංශයේ පවුල් සෞඛ්‍ය සේවා කාර්යංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා මහත්මිය පැවසුවාය.

    ඇය මේ බව පැවසුවේ, (17) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති කොවිඩ් පිළිබද මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වමිනි.

    කොවිඩ් තර්ජන මධ්‍යයේ වුවද එළඹෙන සති අන්තයේ පැවැත්වීමට නියමිත 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සදහා අවශ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යංශය සහ විභාග දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කර නිකුත් කර ඇතැයිද, මෙම විශේෂ විභාග මධ්‍යස්ථාන සදහා විබාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහභාගී වන අතර සෞඛ්‍ය අමාත්‍යංශය මගින් සම්බන්ධීකරණ කටයුතු සිදුවන බවද ඇය පැවසුවේය.

    ඔබගේ දරුවාට රෝග ලක්ෂණ ඇතිනම් විදුහල්පතිවරයාට හෝ තම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමාට දැනුම්දී අදාළ මධ්‍යස්ථානය පිළිබදව දැනුවත්වී එම මධ්‍යස්ථානයේ විභාගයට වාඩිවිය හැකි බවද පවුල් සෞඛ්‍ය සේවා කාර්යංශයේ අධ්‍යක්ෂවරිය පැවසුවාය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya