මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    X Press Pearl නෞකා අනතුර හේතුවෙන් මුහුදට එක් වූ බහාලුම් ඇතුළු අපද්‍රව්‍ය ඉවත් කෙරේ

    දෙසැම්බර් 29, 2021

    X Press Pearl නෞකා අනතුර හේතුවෙන් මුහුදට එක් වූ බහාලුම් ඇතුළු අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

     

    එම කටයුතු සිදු කරන රිසොල්ව් මැරයින්(Resolve Marine) ආයතනය මුහුදු බත් වූ X Press Pearl නෞකාවේ අපද්‍රව්‍ය සහ බහාලුම් නෞකා අවට සහ ආසන්නයේ විසිරී ඇති ආකාරය පිළිබද
    සිතියම් ගත කර තිබේ.

    හඳුනාගත් ඉලක්ක 180කින් පමණ අපද්‍රව්‍ය සහ බහාලුම් ඉවත් කිරීමේ කටයුතු මේවන විටත් ආරම්භ කර තිබේ.

    .මෙම බහාලුම් සහ අපද්‍රව්‍ය කොටස් කර ගොඩබිම වෙත රැගෙනවිත් වත්තල පිහිටි තාවකාලික ගබඩා අංගනයේ තබා තිබෙන අතර සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් MMA
    Prestige නෞකාවේ සිට පැය 24 පුරාම සිදු කරනු ලබන මෙම කාර්යයන් නිරීක්ෂණය කරමින් සාගර දූෂණය අවම කිරීමට හා වැළැක්වීමට අවශ්‍ය උපදෙස් ලබා දෙමින් සිටියි.

    එසේම, ජල නියැදි , ජෛව නියැදි ආදී නියැදින් ලබා ගැනීමට කටයුතු කරන අතර ජල තත්ත්ව වාර්තාවන් ලබා ගැනීම, එසේ ම මෙම ක්‍රියාවලියට අදාළ සියලුම දත්ත වාර්තා ලබාගැනීම ද
    සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් විසින් සිදු කරයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya