මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගම - නගරය යා කළ කුළුබඩු මන්දිරය- ජනපතිගේ නිරීක්ෂණයට

    දෙසැම්බර් 28, 2021

     

    “කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයේ” මාදිවෙල ශාඛාව පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිරීක්ෂණයට ලක්විය.

    “ගම සමග පිළිසඳර” වැඩසටහන සඳහා මීමුරේ ප්‍රදේශයට පැමිණි අවස්ථාවේ දී එම ප්‍රදේශවාසීන් කළ ඉල්ලීමකට අනුව මෙම අලෙවි මණ්ඩලය යළි ක්‍රියාත්මක කරවීමට ජනාධිපතිතුමා පියවර ගත්තේය.

    ඒ අනුව දුෂ්කර ප්‍රදේශවල ගොවීන්ගේ නිෂ්පාදන අලෙවිය හා ප්‍රවර්ධනයට විසඳුමක් ලෙස පසුගිය අගෝස්තු මාසයේදී කුළුබඩු අලෙවි මණ්ඩලය ස්ථාපිත කෙරිණ.
    1972 වර්ෂයේ ස්ථාපිත කරන ලද මෙම ආයතනය ජනාධිපතිතුමාගේ අවධානයට ලක්වන තෙක් පැවතියේ ලේඛනයකට පමණක් සීමා වූ නිද්‍රාශීලී ආයතනයක් වශයෙනි.
    ගොවියාට උපරිම මිලක් පාරිභෝගිකයාට සහනයක් මෙන්ම ගුණාත්මක කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සඳහා විදේශ වෙළෙඳපොළ අවකාශය සලසා දීම, වෙළෙඳපොළ පර්යේෂණ, සම්බන්ධීකරණය, නියාමනය, පෝෂණ සහ ඖෂධීය ගුණය පවත්වා ගැනීම ඇතුළු අරමුණු රැසකට විධිමත් පිළියම් ලබාදීමට රජය මෙමගින් අපේක්ෂා කරයි.
    කුළුබඩු අලෙවි මණ්ඩලය මාස හතරක කෙටි කාලය තුළ බත්තරමුල්ල, මාදිවෙල, නුගේගොඩ, පඹහින්න, රත්නපුර, කලවාන, කිරි ඇල්ල, කොටාමුල්ල සහ පල්ලෙබැද්ද යන නගරවල ශාඛා 10ක් පිහිටුවා තිබේ. එහි 11 වන ශාඛාව ලබන 31 වනදා සෙවණගල නගරයේ විවෘත කිරීමට නියමිතය.
    දේශීය කුළුබඩු සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළ අවස්ථා ලබාගැනීමට මේ වන විටත් නයිජීරියාව, ප්‍රංශය, රුසියාව, කැලිෆෝනියාව, බංග්ලාදේශය, ජපානය ආදී රටවල් සමග සාකච්ඡා කර තිබේ.
    දැනට මාසිකව මිලියන විස්සකට අධික නිෂ්පාදන මිලදී ගැනීම සිදුකරනු ලබන අතර ඉදිරි කෙටි කාලය තුළ ශාඛා ජාලය රට පුරා ව්‍යාප්ත කිරීමටත් කුළුබඩු අලෙවි මණ්ඩලය පියවර ගෙන තිබේ.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya