මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැව් 5,000 ක් පිළිසකර කිරීමේ වැඩපිළිවෙල- වැව් පිළිසකර කිරීම ගැන ගොවි ජනතාවගේ ප්‍රසාදය

    දෙසැම්බර් 28, 2021

    ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නගා සිටුවීමේ අරමුණින් ක්‍රියාත්මක කරන “වාරි සංවර්ධන හා පාරිසරික අලංකරණ වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය” හෙවත් “වාරි සෞභාග්‍යා” වැඩසටහ යටතේ වැව් 5,000 ක් පිළිසකර කිරීමේ වැඩසටහන යටතේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මඟින් වැව් රාශියක් මේ වන විට පිළිසකර කිරීමේ කටයුතු අවසන් කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

     

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙසින් සහ මගපෙන්වීමෙන් ක්‍රියාත්මක කෙරෙන වැව් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් ජනතාවට ලබාදුන් පොරොන්දුවක් ඉටුකිරීමකි.

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ගරු අග්‍රාමාත්‍යතුමාගේ උපදේශකත්වය යටතේ ක්‍රියාත්මක වන වාරි සෞභාග්‍යා ව්‍යාපෘතියෙන් සංවර්ධනය කිරීමට නියමිත වැව් 5,000 න් වැව් රැසක් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මඟින් මේ වන විට සංවර්ධනය කර ඇත.

    මෙම සජවර්ධනය කෙරෙන වැව් බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්කවලට අයත් වන අතර ඉතිරි වැව් 09 කුරුණෑගල, මාතලේ සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවලට අයත් වේ.
    කුරුණෑගල සිට අනුරාධපුරය දක්වා දිවෙන ප්‍රධාන මාර්ගය දෙපස ඇති වැව් කිහිපයක් ද ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මඟින් සංවර්ධනය කර ඇති බව ද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සඳහන් කරයි.

    වැව් සංවර්ධන ව්‍යාපෘති මූලික අදියර වෙනුවෙන් කුරුණෑගල, මාතලේ සහ අනුරාධපුර දිස්ත්‍රික් තුනට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 05 කින් වැව් 09 ක් තෝරාගෙන තිබේ.

    ඒ අනුව කුරුණැගල සහ මාතලේ දිස්ත්‍රික්කයන් එක් අදියරක් යටතේත්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් අනෙකුත් අදියර යටතේත් සංවර්ධනයකට ලක් කර ඇත.

    පළමු අදියරට අයත් කුරුණෑගල දිස්ත්‍රික්කයට වැව් 02 ක් අයත් වේ. ඒ ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වන කලගස් වැව සහ කාලම්මුල්ල වැව යන වැව් දෙකයි.

    පසුගිය කාලය තුළ කිසිදු සංවර්ධනයකට ලක් නොවූ වැවක් ලෙස කලගස් වැව හඳුන්වා දිය හැකිය. ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතු සඳහා ප්‍රමාණවත් දායකත්වයක් ලබා දුන් මෙම වැව කුඹුරු ඉඩම් අක්කර 45 කට වගා ජලය ලබා දී තිබේ. වල් බිහිව තිබූ වැවේ වර්ග මීටර් 69,925 ක් හෙවත් අක්කර 15.5 ක ප්‍රදේශයක් දළ කැණීම් කටයුතු සිදු කළ අතර, ඒ යටතේ වැව නැවත සම්පූර්ණයෙන් ම භාවිතා කළ හැකි ආකාරයට සැකසීම ද සිදු කෙරිණ.

    ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට ම අයත් වන අනෙක් වැව කාලම්මුල්ල වැවයි. මෙම වැවේ ජලයෙන් අස්වැද්දූ කුඹුරු ඉඩම් ප්‍රමාණය අක්කර 10 කි. වර්ග මීටර් 7,592 ක් හෙවත් අක්කර 1.88 ක ප්‍රමාණයක දළ කැණීම් කටයුතු මේ වන විට සිදු කර තිබේ.

    පළමු අදියර යටතට වැටෙන අනෙක් වැව් තුන මාතලේ දිස්ත්‍රික්කයට අයත්ව පිහිටා තිබේ. ඉන් ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට කලහකැලේ වැව සහ පුවක්පිටිය වැව යන වැව් දෙක අයත් වේ. අනෙක් වැව වන සළුඅපුල්ලන වැව දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත්ව පිහිටා තිබේ.

    මෙම වැව්වලින් කලහකැලේ වැව ප්‍රමාණයෙන් කුඹුරු ඉඩම් අක්කර 35 ක් අස්වද්දයි. එම වැවේ දළ කැණීම් කටයුතු මේ වන විට වර්ග මීටර් 25,911 ක් හෙවත් අක්කර 6.40 ක ප්‍රදේශයක් තුළ සිදුකර තිබේ.

    පුවක්පිටිය වැවෙන් අස්වද්දන කුඹුරු ඉඩම් ප්‍රමාණය අක්කර 40 කි. වර්ග මීටර් 89,229 ක් හෙවත් අක්කර 22.04 ක භූමියක දළ කැණීම් කටයුතු සිදු කර අවසන් කර ඇත.

    දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වන මාතලේ දිස්ත්‍රික්කයේ ම පිහිටි අනෙක් වැව කුඹුරු ඉඩම් අක්කර 42 ක් අස්වද්දන මලව වැවයි. මේ වන විට මලව වැවේ වර්ග මීටර් 44,729 ක් හෙවත් අක්කර 11.05 ක ප්‍රදේශයක දළ කැණීම් කටයුතු සිදු කර තිබේ.

    මෙම වැව් අතරින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ කලගස් වැව, මාතලේ දිස්ත්‍රික්කයේ කලහකැලේ වැව සහ සළුඅපුල්ලන යන වැව් 03 සඳහා විශාල සංවර්ධන ව්‍යාපෘතියක් දියත් කෙරිණ. ඒ යටතේ වැව පෙර පැවති තත්ත්වයට පත්කිරීම සහ නව අංග කිහිපයක් එකතු කිරීම ද සිදු කෙරිණ.

    ඒ යටතේ එම වැව් තුනේ රොන්මඩ පෙරා ඉවත් කිරීම, පිරිසිදු කිරීම, වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීම, සොරොව්ව හා පිටවාන ප්‍රතිසංස්කරණය, වාහන නැවතුම් අංගනය, ළමා ක්‍රීඩාංගනය, එළිමහන් ව්‍යායාම ස්ථානයක් සකස් කිරීම, සනීපාරක්ෂක පද්ධතියක්, එළිමහන් විවේකාගාර, පරිසර අලංකරණය කිරීමේ ක්‍රියාකාරකම් සහ පැළ සිටුවීම යන සංවර්ධන කටයුතු සිදු කෙරිණ.

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ කාලම්මුල්ල වැව සහ මාතලේ දිස්ත්‍රික්කයේ පුවක්පිටිය වැව යන වැව් විශාල සංවර්ධන කටයුතුවලට ලක් කෙරිණ. ඒ අනුව එම වැව් රොන්මඩ හාරා ඉවත් කිරීම, වැව්තලය පිරිසිදු කිරීම, සොරුව්ව හා පිටවාන ප්‍රතිසංස්කරණය, පරිසරය අලංකරණය කිරීමේ ක්‍රියාකාරකම් සහ පැළ සිටුවීම යන අංශ යටතේ සංවර්ධනය කෙරිණ.

    පළමු අදියර යටතේ සංවර්ධනයට ලක්කළ වැව් පහෙන් අස්වැද්දිය හැකි කුඹුරු ඉඩම් ප්‍රමාණය අක්කර 172 කි. දළ කැණීම් කළ භූමි ප්‍රමාණය අක්කර 58.87 කි. එය වර්ග මීටර් ප්‍රමාණයෙන් 228,389 කි.
    ගලේවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති එම්.ටී.ආර්. ජයසේන මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ කහලකැලේ වැව ප්‍රධාන කරගත් සංවර්ධන ව්‍යාපෘතියට රජය වෙන්කර තිබූ මුදල, අපගේ ඉල්ලීම මත අගමැතිතුමාගේ මැදිහත්වීමෙන් රුපියල් මිලියන 85 ක් දක්වා ඉහළ දැමූ බවයි.

    “ගලේවෙල කියන්නේ දඹුල්ල සංචාරක පුරයට ආසන්නතම නගරයයි. එහෙම නගරයකට සංචාරක නවාතැන් ගැනීමේ පහසුකම් තිබුණේ නෑ. මේ සංවර්ධනයේ තවත් ප්‍රතිඵලයක් තමයි එම නවාතැන් පහසුකම් ඉදිවීම. ඒකට උපකාරී වුණේ සියක් නගර සංවර්ධන ව්‍යාපෘතිය. ඒ යටතේ කහලකැලේ වැවේ රොන්මඩ ඉවත්කර ගැඹුරු කිරීමට අමතරව ඇවිදින මංතීරු, ශරීර සුවතා මධ්‍යස්ථානයක් ගොඩනැගීම මේ සියල්ලේ අවසන් ප්‍රතිඵලය ගලේවෙල සංචාරක ආකර්ෂණය දිනාගත් නගරයක් බවට පත්වීමයි. මේ වැව් කෙළවර මහජන ක්‍රීඩාංගනය, ගලේවෙල අධ්‍යාපන කොට්ඨාසයේ සියලු පාසල් පැමිණෙන ක්‍රීඩාංගනය ද මේ සංවර්ධනයේ දී සංවර්ධනය කිරීමට නියමිතයි. ඒවගේ ම නවීන අංග සම්පූර්ණ ළමා උද්‍යානයක් ඉදිකිරීමටත් නියමිතයි. මේ හැම සංවර්ධනයක් ම ගලේවෙල ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් පිරිමැහීමක්. සියක් නගර සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධව අපි සතුටු වෙන්නේ එම නිසයි.”
    යනුවෙන් ද ගලේවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති එම්.ටී.ආර්. ජයසේන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ, ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව් ජලාශ හා වාරි මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, වෙරළ සංරක්ෂණ සහ පහත් බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය, නීතීඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, වෙරළ සංරක්ෂණ සහ පහත් බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එල්.එල්.ඒ. විජේසිරි, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති මේජර් ජෙනරල් එම්.ආර්.ඩබ්ලිව්. ද සොයිසා යන යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මඟින් මෙම වැව් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya