මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉරාන කර්මාන්ත සහ පතල් නියෝජ්‍ය අමාත්‍ය සහ ඉරාන වෙළඳ ප්‍රවර්ධන සංවිධානයේ සභාපති කර්මාන්ත ඇමති හමුවෙයි

    දෙසැම්බර් 23, 2021

    ඉරාන කර්මාන්ත සහ පතල් නියෝජ්‍ය අමාත්‍ය සහ ඉරාන වෙළඳ ප්‍රවර්ධන සංවිධානයේ සභාපති Alireza Peymanpak මැතිතුමා සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ජාවක් අද (21) කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්විණි.

    මෙහිදී දෙරටේ අමාත්‍යවරුන් අතර මෙරට ඛනිජ සම්පත් ආශ්‍රිතව අගය එකතු කිරීමේ නව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, දෙරට අතර කර්මාන්ත ක්ෂේත්‍රයට අදාළ නව ආයෝජන සහ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම හා මෙරට නව කර්මාන්ත ව්‍යාපෘති සදහා ඉරානයේ සහාය ලබාගැනීම පිළිබදව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ජා කරන ලදී. මෙරට කර්මාන්තයන්ගේ නිමි භාණ්ඩ ඉරානය වෙත අපනයනය කිරීම සහ දෙරට අතර වෙළද සබඳතා තරකර ගැනීම පිළිබදව ද මෙහිදී වැඩිදුරටත් අදහස් ප්‍රකාශ විය.

    ඉරාන දූත කණ්ඩායම ඇමතූ කර්මාන්ත අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකාව සහ ඉරානය දිර්ඝකාලීන මිත්‍රත්වයෙන් කටයුතු කළ රටවල් දෙකක් වන අතර ශ්‍රී ලංකාව යම් යම් අභියෝගවලට මුහුණදුන් අවස්ථාවලදී ඉරානය ශ්‍රී ලංකාවට විශාල සහයෝගයක් ලබාදුන් බව ය. ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාව අභියෝගයන්ට මුහුණ දුන් සියලු අවස්ථාවලදී ඉරානය ශ්‍රී ලංකාවට දිගු කළ මිත්‍රත්වයේ හස්තයට කෘතවේදීත්වය පළ කරන බව කී කර්මාන්ත අමාත්‍යවරයා එබැවින් ඉරානය, මෙරට කර්මාන්ත ක්ෂේත්‍රය වෙනුවෙන් සිදුකරන යෝජනා ඉතා කැමැත්තෙන් භාරගන්නේ යැයි ද වැඩිදුරටත් කියා සිටියේය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා කියා සිටියේ, ඉරානයට ලංකාවේ ආයෝජන සහ කර්මාන්ත ක්ෂේත්‍රය වෙනුවෙන් සිදුකිරීමට නියමිත යෝජනා ක්‍රියාත්මක කිරීමට ද උපරිම සහාය ලබාදීමට මෙරට කර්මාන්ත අමාත්‍යවරයා වශයෙන් තමන් සුදානම් බව ය. කර්මාන්ත අමාත්‍යවරයාට ඉරානයේ කර්මාන්තයන් පිළිබද නිරීක්ෂණයට තම රටට පැමිණෙන ලෙස එම දූත පිරිස ආරාධනා කළ අතර එම ආරාධනය ගෞරවයෙන් පිළිගන්නා බව අමාත්‍යවරයා කියා සිටියේය. මෙම සාකච්ජාව ඉදිරියට ගෙන යමින් ඉදිරි ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කිරීමට තමන් ආරාධනා කරන බව ද මෙරට කර්මාන්ත අමාත්‍යවරයා දූත පිරිස අමතමින් කියා සිටියේය.

    මෙම අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍යාංශයේ නීති අංශයේ අධ්‍යක්ෂ ජනරාල් හාජි හොසේනි, දකුණු ආසියානු අංශයේ අධ්‍යක්ෂ අහමඩ් සදේගි, ඉරාන තේ ආනයන සංගමයේ Mojtaba Azadmanesh, Hossein Ghaheri, කොළඹ ඉරාන තානාපති එච්.ඊ. හෂේම් අෂ්ජාසාදේ, සහ ආර්ථික උපදේශක Soheil Kheiri, මෙරට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජනරාල් දයා රත්නායක, අතිරේක ලේකම් චමින්ද පතිරාජ, අමාත්‍ය උපදේශක සුනිල් හෙට්ටිආරච්චි යන පිරිස එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya