මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ ප්‍රගතිය පිළිබඳ සාකච්ඡා

    දෙසැම්බර් 20, 2021

    විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා එක්සත් ජාතීන්ගේ සහකාර මහ ලේකම් කන්නි විග්නරාජා මහත්මිය සමඟ තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සම්බන්ධයෙන් වන ප්‍රගතිය පිළිබඳ සාකච්ඡා පවත්වයි.

     

    විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා මෑතකදී ශ්‍රී ලංකාව තුළ නිල සංචාරයක නිරත වූ එක්සත් ජාතීන්ගේ සහකාර මහ ලේකම්, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහකාර පරිපාලක සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ආසියානු සහ පැසිෆික් කලාපීය කාර්යංශයේ අධ්‍යක්ෂවරිය වන කන්නි විග්නරාජා මහත්මිය දෙසැම්බර් 15 වැනි දින හමුවිය. මෙරට තුළ පවත්නා ප්‍රමුඛතා වඩා හොඳින් අවබෝධ කර ගැනීම සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් ශ්‍රී ලංකාවට සහය ලබා දිය හැකි නව මාර්ග පිළිබඳව ගවේෂණය කිරීම යනාදිය සහකාර මහ ලේකම් විග්නරාජා මහත්මියගේ මෙම සංචාරයේ අරමුණු විය.

    කොවිඩ්-19 වසංගතය හේතුවෙන් හටගත් සමාජ-ආර්ථික බලපෑම් සමඟ කටයුතු කිරීමට ශ්‍රී ලංකාව අනුගමනය කළ පියවර ඉස්මතු කළ විදේශ අමාත්‍යවරයා තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) අරභයා ශ්‍රී ලංකාව මෑත කාලීනව ලබා ගත් ජයග්‍රහණ පිළිබඳව සහකාර මහලේකම්වරිය දැනුම්වත් කළේ ය. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන දශක පහක් මුළුල්ලේ ශ්‍රී ලංකාව තුළ ඉටු කළ සංවර්ධනය අශ්‍රිත ක්‍රියාකාරකම් අගය කළ විදේශ අමාත්‍යවරයා තිරසාර සංවර්ධන ඉලක්ක සම්බන්ධයෙන් තවදුරටත් ප්‍රගතියක් අත්පත් කරගැනීම සඳහා දෙපාර්ශ්වයම බහුවිධ සහයෝගීතාව ශක්තිමත් කළ යුතු බව නැවත අවධාරණය කළේය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට (PTA) අදාළයෝජිත සංශෝධන ඇතුළුව සංහිඳියාව සහ මානව හිමිකම් සම්බන්ධයෙන් සිදු කෙරෙන දේශීය ක්‍රියාවලීන්හි මෑතකාලීන ප්‍රගතිය පිළිබඳව සඳහන් කළ විදේශ අමාත්‍යවරයා නියත ප්‍රගතියක් ළඟා කර ගැනීම සඳහා රජය තුළ ඇති කැපවීම නැවත අවධාරණය කළේය.

    ගතවූ කාලය මුළුල්ලේ ශ්‍රී ලංකාව ආර්ථිකයට ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්නුම් කර ඇති බව නිරීක්ෂණය කළ සහකාර මහලේකම් විග්නරාජා මහත්මිය ශ්‍රී ලංකාව කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ඇති වූ පසුබෑම්වලින් මිදී යහපත් ආර්ථික මූලධර්ම මත පදනම්ව යථා තත්ත්වයට පත්වනු ඇතැයි බලාපොරොත්තු වන බව සඳහන් කළාය. ශ්‍රී ලංකාව සතුව ස්වභාවික සම්පත් බහුලව පවතින බව සඳහන් කළ සහකාර මහ ලේකම්තුමිය පරිසරය සංරක්ෂණය කිරීම මගින් සංචාරක කර්මාන්තය නඟා සිටුවිය හැකි බවත් රටේ ආර්ථික වර්ධනයට එමගින් සහය ලබා ගත හැකි බවත් ප්‍රකාශ කළාය. තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) සාක්ෂාත් කර ගැනීම සඳහා අදාළ ක්ෂේත්‍ර ඔස්සේ ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන කැමැත්තෙන් පසුවන බවද එතුමිය ප්‍රකාශ කළාය.

    එක්සත් ජාතීන්ගේ වැඩසටහනේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත රොබර්ට් ජුන්කම් මහතා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිත මාලින් හර්විග් මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනෙකුත් නිලධාරීහු මහ ලේකම් විග්නරාජා මහත්මිය සමඟ මෙම අවස්ථාවට එක්වූහ. විදේශ ලේකම් අද්මිරාල් (මහාචාර්ය) ජයනාත් කොළඹගේ මහතා සහ විදේශ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද මෙම හමුවට සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya