මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයිනේ මූලික රෝහල්වල ළමා රෝග අංශ වෙත වෛද්‍ය උපකරණ

    දෙසැම්බර් 20, 2021

    ළමා රෝගවලට ප්‍රතිකාර කිරීමේදී අවශ්‍ය වන නවීන වෛද්‍ය උපකරණ කට්ටල, ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ නිලධාරීන් වෙත, කොළඹ 10, “ඔසු පියස”, ඖෂධ නිෂ්පාදනය, සැපයිම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශ කාර්යාලයේදී, ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා විසින්, එම වෛද්‍ය සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය ශ්‍යාමන් රජින්ද්‍රජිත් මහතා වෙත භාරදෙන ලදී.


    මෙම වෛද්‍ය උපකරණ, බස්නාහිර, උතුර, සබරගමුව, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල පිහිටි මූලික රෝහල්හි ළමා රෝග අංශවල ප්‍රතිකාර සඳහා යොදාගනු ඇත.

    මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය ආර්. එම්. එස්. කේ. රත්නායක මහතා ද සහභාගී විය.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya