මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනවසම වතු කම්කරුවන්ට සහන රැසක්

    දෙසැම්බර් 20, 2021

    සියලු ජන කොටස්වලට සමාන පහසුකම් ලබාදීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අපේක්ෂාව බැවින් තම අමාත්‍යාංශය යටතේ පාලනය වන ජනවසම වතුවල ලයින් කාමර සංස්කෘතිය වෙනුවට වතු ගම්මාන පිහිටු වීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පියවර ගෙන තිබේ.

    මේ අනුව ජනවසමට අයත් වතුවල කම්කරු පවුල්වලට ඔවුන් වැඩ කරන වත්තෙන් පර්චස් 08 බැගින් ඉඩම් ලබා දී නිවාස ඉදි කර ගැනිමට බැංකු ණය පහසුකම් ලබා දිමටද කටයුතු යොදා ඇත.

    මෙම වතු ගම්මානවලට ප්‍රවේශවන මාර්ග කාපට් අතුරා සංවර්ධනය කීරිමටත් අපේක්ෂිතය. ජනවසම වතුවල ඇති සියලුම රොහල්, ඩිස්පෙන්සරි, පාසැල්, වත්තේ කාර්යාල හා තේ කම්හල් වැඩි දියුණු කර ඒවායේ සේවක පුරප්පාඩු පිරවීම සඳහා වතුකරයේ උගත් තරුණ පිරිසට වෘත්තීය පුහුණුවක් ලබා දිමට පියවර ගන්නැයි ජනවසම සභාපතිවරයාට අමාත්‍යවරයා උපදෙස් දී තිබේ. මේ අතර ජනවසම වතුවල මාසික ආදායමෙන් රුපියල් 50,000/= ක් මාස් පතා කම්කරු සුබ සාධනය සඳහා වෙන් කර එම අරමුදලින් වතු කරයේ දළුමඩු ඇතුලු කම්කරුවන්ට එදිනෙදා රාජකාරියට අවශ්‍ය පහසුකම් වැඩි දියුණු කර ගැනිමට අවස්ථාව ලබා දෙන ලෙසද අමාත්‍යවරයා සභාපතිවරයාට උපදෙස් දී ඇත.

    ජනවසම වතුවල පදිංච් කම්කරු පවුල්වල දරුවන්ට ක්‍රිඩා කිරිම සඳහා සෑම වත්තකම ක්‍රිඩාපිටියක් බැගින් ඉදිකර දීමටද අමාත්‍යවරයාගේ අවධානය යොමුව ඇත. ඉකුත් යහපාලන ආණ්ඩුව විනාශකර දමා තිබු ජනවසම, එහි නව පාලනාධිකාරිය මඟින් මේ වනවිට ලාබ ලබන තත්වයට පත් කර ඇති බවත් වතුවල ලාබයේ ප්‍රතිලාභ එම වතුවල කම්කරුවන්ට ලබා දිය යුතු බැවින් ජනවසමට අයත් වතුවල කම්කරු ජනතාවට ගම්බද ජනතාව බුක්ති විදින පහසුකම් ලබා දිමට පියවර ගනිමින් සිටින බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya