මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇතැම් රටවලට තවමත් විවිධ වසංගත පරාජය කරන්න බැරිවෙලා -සෞඛ්‍ය ඇමති

    දෙසැම්බර් 02, 2021

    විවිධ වසංගත හමුවේ ලොව ඇතැම් රටවල් ඒ වෙනුවෙන් කටයුතු නොකර ඇති පසුබිමක ක්ෂේත්‍ර ගණනාවක් අප ජයගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

    සමස්තයක් ලෙස සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභියෝග ජයගත් කණ්ඩායමක් ලෙස ශ්‍රී ලංකාව පසුගිය කාලය පුරා ක්‍රියාකර ඇතැයි ද, ඒ තුල විවිධ ගෝලීය වසංගත රැසක් තුරන්කර ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යවරයා කීය.

    “අසමානකම් දුරුකර ඒඩ්ස් අවසන් කරමු, වසංගත පරදවමු” යන්න තේමා කර ගනිමින් (01) දිනට යෙදුන ජාත්‍යන්තර ඒඩ්ස් දිනය නිමිත්තෙන් බත්තරමුල්ල “වෝටර්ස්ඒඡ්” හෝටලයේ දී පැවැති උත්සවයට සහභාගීවෙමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව ප්‍රකාශ කළේය.

    කොවිඩ් ව්‍යසනය තුළ වෛද්‍යවරයාගේ සිට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පහළම අය දක්වා සෑම අයෙක්ම සිය වගකීම මැනවින් ඉටු කල බවත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ 99% ක් ඉලක්කකරා යාමට දැඩි උත්සාහයක නිරතවන බවත් අමාත්‍යවරයා කීය.

    ඒඩ්ස් පිළිබදව සතුටු නොවුවත් ඒඩ්ස් තුරන් කිරීම සදහා ගෙනයනු ලබන වැඩපිළිවෙල පිළිබදව තමන් සතුටට පත් වන බව ප්‍රකාශ කළ සෞඛ්‍ය අමාත්‍යවරයා ආසාදිතයින්ගෙන් 40% ක් සෞඛ්‍ය අංශ අතරට ගෙන්වා ගැනීම මෙරට සෞඛ්‍ය සේවාවේ අභියෝගය බව පෙන්වා දෙයි. 60% ක් සම්බන්ධව එම අභියෝගයට සෞඛ්‍ය අංශ මුහුණ දෙන බවත්, මුහුණ දෙන්න නොහැකි අභියෝගය 40% ක් බවත් පෙන්වා දෙයි. එහිදී ප්‍රචාරණ කටයුතු ද සීමාවන් තුල සිදු කළ යුතු බවත්, දෙපැත්ත කැපෙන ආයුධයකින් වැඩ කරනවාක් මෙන් සිදු කරනු ලබන මෙම කටයුත්ත ඉතා පරිස්සමෙන් ඉදිරියට ගෙනයෑමට සිදුවන බවත් පෙන්වා දුන්නේය.

    ඒඩිස් රෝගය සදහා වසර 40 ක් තිස්සේ ඖෂධයක් සොයාගෙන නොමැතිවීම පිළිබඳව තමන්ද පුදුමයට පත්වන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය හැටියට ඒඩ්ස් රෝගය තුරන් කිරිම සදහා ලබාදිය හැකි උපරිම සහයෝගය එම වැඩපිළිවෙල වෙනුවෙන් ලබාදෙන බවත් ඒ මහතා පැවසීය. අනෙක් සෞඛ්‍ය තත්ත්වයන් සමග ගත්විට රෝගී ප්‍රතිකාර සේවාවන් සදහා ඉදිරිපත්වීම 99% විය හැකි බවද මෙහි තිබෙන තත්ත්වය තේරුම් ගත යුතු බවද අමාත්‍යවරයා පවසයි.

    මෙහිදී වැඩිදුරටත් කතාකල අමාත්‍යවරයා මෙසේ ද කීය.

    කොවිඩ් වෛරස ව්‍යාප්තිය සමග විශේෂයෙන්ම අප්‍රිකානු රටවල්වල ප්‍රධානීන් සෞඛ්‍ය අමාත්‍යවරු සහ එහි විශේෂඥයින් ඔවුන් කොන් කිරීමට අදාල හේතු විමසුවා. ඒකට ලංකාවත් ඇතුලත් කර තිබුණා. මා තානාපති කාර්යාලයට කථා කර කණගාටුව ප්‍රකාශ කළා. මෙන්න මේ රටවල් වලින් එ්ම තහනම් කර තිබෙනවා කියා ඔවුන් උදාහරණ ඉදිරිපත් කළා. අප්‍රිකාවේ මේ වන විට සමස්තයක් ලෙස 7% යි එන්නත්කර තිබෙන්නේ. හැබැයි අපිට එන්නත් දෙන්න හදනවා. එතන තිබෙන මතවාදයට එය සුදුසු දෙයක් නොවන බවයි අපි ප්‍රකාශ කරන්නේ. යම් කිසි කෙනෙකුට ජාතිය නිසා, වෙනත් හේතුන් නිසා ඔවුන්ට සෞඛ්‍ය අංශයේ තියෙන අයිතිය කපා හරිනවා නම් නැතිනම් කප්පාදු කරනවා නම් අපි එයට විරුද්ධව කටයුතු කළ යුතුයි.

    මානව හිමිකම් ගැන කථා කරනවා, ඒ වගේම වචනයක් වැරදුනාම කථා කරනවා, මහා ලොකු සංවිධාන තිබෙනවා. නමුත් සෞඛ්‍ය අංශයේ යම් යම් අවශ්‍යතාවයන්ට එය බලපාන්නේ නැතිකමක් තිබෙනවා. ඒ දෙක බැලුවිට දෙබිඩි පිළිවෙතක් තිබෙනවා. මේ සම්බන්ධව අප්‍රිකානු රටවලට මම ප්‍රකාශයක් ඉදිරිපත් කරනවා. එය රටක් ලෙස අප කළ යුතුයි. අපි සමස්තය ගැන කථා කරනවා නම් විශේෂයෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෙනස් වෙන්න බැහැ.

    2030 දි ඒඩ්ස් තුරන් කරන්න ලෝකය සැළසුම් කර තිබෙනවා නම් අපි 2025 දී එය තුරන් කිරිමට සැළසුම් කළ යුතුයි. ලබන වසර 04 පිළිබදව සැළැස්මක් තිබිය යුතුයි. ඉළක්ක සාර්ථකව සිදු කර අසාර්ථක වුණත් කමක් නැහැ මොකද අපි සැළැසුමක් අනුවයි එතනට යන්නේ.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග, ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි, ඒඩ්ස් පදනමේ සභිපති සුජාතා සමරකෝන්, බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක යන මහත්ම මහත්මින් සහ විශේෂඥ වෛද්‍යවරු, වෛද්‍යවරු ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya