මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිදහස් අධ්‍යාපනයට කිසිදු ඇඟිලි ගැසීමක් නෑ- දැනුම කේන්ද්‍රිය අධ්‍යාපනයක් සඳහා කටයුතු කළයුතුයි

    දෙසැම්බර් 01, 2021

    නිදහස් අධ්‍යාපනයට කිසිදු ඇඟිලි ගැසීමක් නොමැති බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (01) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

    සියලු දෙනා එක්ව අපේ දරුවන් හොඳ පුරුවැසියන් බවට පත් කිරිමට, දැනුම කේන්ද්‍රිය අධ්‍යාපනයක් සඳහා කටයුතු කළයුතු බවද අමාත්‍යවරයා පැවසීය.

    විද්‍යාව,තාක්ෂණය, ගණිතය වැනි විෂයන් පමණක නොව පාසල් අධ්‍යාපනයේ සිට විශ්වවිද්‍යාල දක්වා ඉංග්‍රිසි දැනුම ලබාදීමේ  වැඩපිළිවෙලක් ආරම්භ කර ඇතැයිද අමාත්‍යවරයා කීය.

    අධ්‍යාපන අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එකවෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    මෙරට මුළු පාසල් සංඛ්‍යාව 10115 කි. ජාතික පාසල් ගණන373කි. මේ අතුරින් ග්‍රාමීය පාසල් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන්ද මෙවර අයවැයෙන් මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති බවත් පාසල් වැසීමට තමාගේ කිසිදු ඒකගතාවයක් නොමැති බවත් අමාත්‍යවරයා සදහන් කළේය. ගුරුවරු, ගුරු පුහුණුව සඳහාද මෙවර අයවැයෙන් මුදල් වෙන් කර තිබේ.

    පසුගිය වසරේ පැවැත් වූ අධ්‍යනය පොදු සහතික පත් සාමාන්‍යපෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමේ ගැටළුවක් මතු වූ බවත් අභියෝග මධ්‍යයේ වුවද විභාග ප්‍රතිඵල නිකුත් කිරීම නිසා දරුවන්ට උසස් පෙළ සඳහා මුහුණ දීමට හැකි වූ බවද අධ්‍යාපන අමාත්‍යවරයා කීය.

    අවස්ථා කිහිපයකදීම කල් දැමූ 2021 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2022 ජනවාරි මස 3 වන සතියටත් ,උසස් පෙළ විභාගය පෙබරවාරි මාසයේ සහ සමාන්‍ය පෙළ විභාගයේ මැයි මාසයේ පැවැත්වීමට කටයුතු කරන බවද කීය.

    තවද ගුරු වැටුප් විෂමතාවය විසඳා ගැනීම සඳහා ‌ෙඒතිහාසික පියවරක් ගෙන ඇති බවත් ඒ සඳහා රුපියල් බිලියන 32ක අතිරේක මුදලක් මෙවර අයවැයෙන් වෙන් කළ බවද කි අමාත්‍යවරයා එකගතාවය පරිදි ලබන වසරේ සිට එය ක්‍රියාත්මක කරන බවද කීය. ලංකාවේ පමණක් නොව නෙදර්ලන්තය වැනි රටවලද ගුරුවරු වර්ජන සිදු කරන බවත් ඒ ඒ කාලවලදී රජයන් විසින් විසඳුම් ලබා නොදුන් අතර ඒ සියලු ගැටළු සඳහා එකවර විසඳුම් ලබා දීමට වත්මන් රජය කටයුතු කර තිබේ.ගුරු වැටුප් විෂමතාව දැවැන්ත ගැටළුවක් බව හඳුනාගෙන ඒ සඳහා කැබිනට් අනු කමිටුව ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක කරමින් මෙම සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යන බවද අමාත්‍යවරයා කීය.

    මෙවර පළාත් සභා වැය ශීර්ෂය යටතේ අධ්‍යාපනය සඳහා දැවැන්ත මුදලක් වෙන්කර තිබේ. කොවිඩ් අර්බුදය ලෝකයේ රටවල් රැසක් මුහුණ දුන් ගැටළුවක් බවත් දරුවන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට පාසල් , විශ්ව විද්‍යාල වසා දැමූ බවද කීය.

    මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ විෂයන් මෙන් ම, බෞද්ධ, ක්‍රිස්තියානි, මුස්ලිම් ආගම් මත පදනම් වූ ඉගැන්වීම් රටාවක් බව සඳහන් කළේය.

    විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් කර ගන්නා සිසුන් ප්‍රමාණය වැඩිකරමින් සිසුන් 10,000 විශ්ව විද්‍යාල සඳහා අලුතින් ඇතුළත් කරගන්නා ප්‍රමාණය වැඩි කළ බවත් වෙනදාට කළින් අයදුම් පත් යොමු කිරීමේ අවස්ථාව ලබා දුන් බවද කීය.එමගින් විශ්ව විද්‍යාල සඳහා කල් ඇතුව ඇතුළත්වීමට අවස්ථාව ලැබෙන බවද කීය.

    බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයද ජාත්‍යන්තරය දක්වා ගෙන යාමට කටයුතු කර තිබේ. අපේ රටේ ඇති නැති පරතරය විශාල බවත් අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් ලබා දෙන අධාර වැඩි කරමින් එම ක්ෂේත්‍ර පිළිබඳ අවධානය යොමු කර මෙවර අයවැය ප්‍රතිසංවිධානය කර ඇතැයිද අමාත්‍යවරයා කීය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya