මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාතාවගේ ප්‍රශ්නවලට පැළැස්තර විසඳුම් වෙනුවට ස්ථිර විසඳුම් ලබාදීම ආණ්ඩුවේ අරමුණයි- සංචාරක ඇමති

    දෙසැම්බර් 01, 2021

    ජනාතාවගේ ප්‍රශ්න වලට පැළැස්තර විසදුම් වෙනුවට ස්ථිර විසදුම ලබාදීමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ එම ස්ථිර විසදුම ඇතැම් විට රජයට වාසිදායක හා ජනප්‍රිය තීරණයක් නොවිය හැකි බවයි. ජනතාව වෙනුවෙන් ඇතැම්විට ජනප්‍රිය නොවන තීරණ ගැනීමට සිදු වන බව අවධාරණය කරන ඇමතිවරයා ජනතාව වෙනුවෙන් එවැනි තීන්දු ගැනීමට වත්මන් රජය පසුබට නොවන බව ද කියා සිටියි.

    බඩුමිල පාලනය කිරිමට නොහැකිව ඇත්තේ කොරෝනා වසංගතයත් සමග රට තුල ඇති ආර්ථික අර්බුදය නිසා බව පෙන්වා දෙන ඇමති ප්‍රසන්න රණතුංග මහතා විපක්ෂය එය දඩමිමා කරගනිමින් ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධයක් රට තුළ ඇති කිරීමට කටයුතු කරමින් සිටින බවට ද චෝදනා කරයි.


    ගම්පහ යක්කල විදියවත්ත ජල පිරිපහදු මධ්‍යස්ථානය වැඩි දියුුණු කිරිමේ ව්‍යාපෘතියේ ඉදිකිරිම් ආරම්භ කිරීමේ අවස්ථාවට පසුගිය දා (26) එක්වෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය. මෙම ව්‍යාපෘතිය සදහා වැය කළ මුදල රුපියල් මිලියන 200 කි. දෛනික පිරිපහදු ප්‍රමාණය ජපය ඝණ මීටර් 2000 ක් වන අතර ව්‍යාපෘතිය නිම වීමත් සමග දිස්ත්‍රික්කයේ පවුල් 3000 කට නව ජල සබදතා ලබාදීමට හැකිවේ. ලබන වසරේ ජුනි මාසය වන විට ව්‍යාපෘතිය අවසන් කිරිමට නියමිතයි.

     

    මෙහි දි වැඩිදුරටත් අදහස් දැක්වු ඇමතිවරයා මෙසේ ද කීවේය.


    “ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු දෙනාට ජලය ලබාදීමේ මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න යෝජනා වෙලා තිබුනේ 2015 වර්ෂයට කලින්. පහුගිය රජය ඒ කටයුත්තට ප්‍රමුඛතාව ලබා දුන්නේ නැහැ. මිනුවන්ගොඩ,අත්තනගල,ගම්පහ ඇතුළු ප්‍රදේශවලට පානීය ජලය ලබා දීම ප්‍රමාද වුණේඒ නිසයි.
    අපේ රජයේ පත්වුනේම ''සැමට ජලය''කියන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවට ජනතාවට පොරොන්දු වෙලා. ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවගේ පානීය ජලය ගැටලුව විසඳන්නට අපි රජයක් වශයෙන් කටයුතු කරනවා. ඉස්සර වකුගඩු රෝගීන් ගැන අපිට අහන්න ලැබුනේ අනුරාධපුරය, පොළොන්නරුව වගේ දිස්ත්‍රික්ක වලින් විතරයි. කණගාටුවෙන් වුනත් කියන්න වෙනවා අද ගම්පහ දිස්ත්‍රික්කය පුරා වකුගඩු රෝගීන් වාර්තා වෙනවා. ඊට ප්‍රධාන හේතුව පානීය ජලය
    පිළිබඳ ගැටලුවයි. රජයක් විදියට යුද්ධය , කොරෝනා වගේ හැම තීරනාත්මක අවස්ථාවක ජීවිකාවට පෙර ජීවිතවලට වටිනාකමක් දෙන්න කටයුතු කරලා තියෙනවා. යුද්ධය ජීවිකාව කරගෙන බඩපුරවා ගත්ත අයත් හිටියා. එදා මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස යුද්ධය අවසන්කර මේ රටේ මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න පියවර ගත්තා.

    අද පොහොර සම්බන්ධයෙන් අපි කතා කරනවා. එහි ගැටලු තියනවා.ගම් වලට ගියාම ජනතාව ඒ ප්‍රශ්න අපිට ඉදිරිපත් කරනවා.ඒ වගේම අපේ දිස්ත්‍රික්කයේ පානීය ජල ප්‍රශ්නය නිසා වකුගඩු රෝගීන් මහා පරිමාණයෙන් වාර්තා වෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහල්වල වකුගඩු රෝගීන් ප්‍රමාණය එන්න එන්න වැඩි වෙනවා. ඒත් මේ ගැන කතිකාවක් ඇති වෙන්නෙ නැහැ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එතුමාගේ වැඩපිළිවෙල ඉදිරිපත් කරමින් රසායනික පොහොර වැනි දේවල් තුරන් කරන බවට පොරොන්දු වුණා. මේ වැඩේ කරනකොට ප්‍රායෝගික ගැටලු මතුවුණා. ඒ ප්‍රායෝගික ගැටලු නිසා ජනතාව අපහසුතාවයට පත් වෙනකොට, මොන විදියකට හරි බලය ලබා ගන්න උත්සාහ කරන අය ඒක දඩමීමා කරගත්තා. යූරියා ගේනවා නම් රජයේ සහන නෑ කියලා රජය තීරණය කලා. කොම්පෝස්ට් හරහා කෘෂිකර්මාන්තයේ යෙදෙන ගොවීන්ට ආණ්ඩුවේ සහනාධාර ලබාදෙන වැඩපිළිවෙළ ඉදිරියටත් කරගෙන යනවා. රසායනික පොහොර ඕනේ කියලා කෑ ගහන අනුර කුමාර දිසානායකට, සජිත් ප්‍රේමදාසට තමන්ගේ පවුලේ අයට වහ කන්න දෙන්න දැන් අවස්තාව තියෙනවා. මේ අය හොඳ දේවල් කරන්න ගියාම ඒවා වැරදි විදියට ජනතාවට පෙන්වනවා. ඒත් මේ රටට ආදරය කරන මිනිසුන්ට අපි ආරාධනා කරනවා කොම්පෝස්ට් පොහොර වැඩපිළිවෙළත් එක්ක ඉදිරියට යන්න අත්වැල් බැඳගන්න කියලා. පැවති ක්‍රමයක් වෙනස් කරනකොට රජය අප්‍රසාදයට ලක්වෙන්න පුලුවන්. ඒත් ඒකේ ප්‍රතිලාභ ලැබෙන්නේ අපේ අනාගත පරපුරට.

    ඉන්දියාවේ මහ පාරවල් වල මිනිස්සු මැරුනා. ඉතාලියේ ගෙවල් වල ඉඳලා මිනිස්සු පාරට සල්ලි විසි කරා අපිට සල්ලි වැඩක් නැහැ ජීවත් වෙන්නයි ඕනේ කිව්වා. අපිට වඩා දියුණුයි කියන රටවල පාරවල් අයිනේ රෝගීන් දුක් වින්දා. විපක්ෂයේ අය පහුගිය කාලයේ අපේ රටේ මරණ සංඛ්‍යාව පවා අනුමාන කරලා සතුටු වුනා. මරණ සංඛ්‍යාව වැඩි වෙලා ආසාදිතයින් සංඛ්‍යාව ඉහල යනකොට ඒ අයට සතුටුයි. ලෝක වසංගතයක් තියෙන වෙලාවක උද්ඝෝෂණ කරන්න එපා කිව්වා.
    මිනිස්සුන්ගෙ ප්‍රශ්න දඩමීමා කරගෙන මිනිස්සුන්ව උද්ඝෝෂණ කරන මානසිකත්වයට පෙරලනවා. මේක ලංකාවේ විතරක් තියන වසංගතයක් නම් ඒක පාලනය කරගන්න රජයට බැරි නම් රජය අසාර්ථකයි කියන්න පුලුවන්. ලෝකෙටම පාලනය කරගන්න බැරි තත්ත්වයක් තියන කොට බලය වෙනුවෙන් උද්ඝෝෂණ කළා

    එදා යුද්ධය වෙලාවේ වගේම වසංගතය තුරන් කරන්නත් අපි එකතුවෙලා වැඩ කරන්න ඕනේ. ඒ උනාට මේ අය කරන්නේ ගුරුවරු,ගොවියන් පාරට බස්සන එක. ඊට පස්සෙ දවසෙම කියනවා මනෝ ගනේෂන් පොසිටිව් කියලා.පහුගිය දවස් වල පාර්ලිමේන්තු ආපු මන්ත්‍රීවරු පවා පොසිටිව්.කොවිඩ් රෝගීන් ප්‍රමාණය වැඩි වෙලා, මරණ සංඛ්‍යාව අඩු වෙලා තියෙන්නේ එන්නත්කරන වැඩපිළිවෙළ නිසයි.ආසියානු කලාපයේ පළවෙනියෙන්ම පාසල් දරුවන්ට එන්නත් කරනය ඇරඹුවේ අපි. ඒ අනුව සමස්ත ජනගහනයෙන් 90%ක් මේ වෙනකොට එන්නත් කරලා බූස්ටර් එන්නත ලබා දෙන්නත් පටන් අරන්. ඒකයි අපි කියන්නේ ජනාධිපතිතුමා ජීවිකාව දෙවැනි තැනට දාලා
    ජීවිතයටයි මුල් තැන දෙන්නේ කියලා. වෙනදට කොළඹ සීතල ගෙවල්වල ඉදලා ව්‍යාපෘති හදපු නිලධාරීන් වෙනුවට ග්‍රාමීය මට්ටමට ගිහින් ග්‍රාමීය ජනතාවගේ අවශ්‍යතා ඉටු කරන වැඩපිළිවෙළක් අද ක්‍රියාත්මක වෙන්නේ. ග්‍රාමසේවක වසමකට ලක්ෂ 30ක මුදලක් ලැබෙනවා.පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්ට ලක්ෂ 30 ක්, පළාත් සභා මන්ත්‍රීවරයෙකුට ලක්ෂ 200ක් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ලක්ෂ දාහක් අයවැයෙන් දෙනවා.

    දෙදහස් පහළොවේ දී පළාත් පාලන මන්ත්‍රීවරු වැඩ කරගෙන යනකොට කොමිස් ගහනවා කිව්වා. ව්‍යාපෘතියේ වටිනාකමට වඩා කොමිස් මුදල ගැනයි කතා කලේ.ඒ බොරුවට මෙදාපාර රැවටෙන්න එපා.ඒ අය එද
    වගේම අදත් නැවත බොරුව වපුරමින් තිබෙනවා. ජනතාවගේ විශ්වාසය පළුදු නොවන ආකාරයට කටයුතු කරන්න රජයක් ලෙස අපි බැඳී සිටිනවා. රජයේ ගෙවුණු වසර දෙකේ රටේ සාමාන්‍ය තත්ත්වයක් තිබුනේ නැහැ. කොවිඩ් වසංගත තත්ත්වයක් තිබුණේ. මිනිස්සු බිල්ලට දීලා එන්නත් කරන වැඩපිළිවෙළක් කඩාකප්පල් කරන්නයි උත්සහ කළේ. මිනිසුන් බිල්ලට දීලා කරන දේශපාලනය ඉවර වෙන්න ඕනේ. ජනතාවගේ වෙනුවෙන් සේවය කරන අපේ රජය ජනතාවගේ ප්‍රශ්නවලට පැලැස්තර විසඳුම් වෙනුවට ස්තිර විසදුම් ලබා දෙන්න පියවර ගන්නවා. ස්තිර විසදුම ආන්ඩුවට වාසිදායක ජනප්‍රිය තීරන නොවෙන්නත් පුලුවන්. ඒත් අපි රටේ අනාගතය වෙනුවෙන් තීරණ ගත යුතුයි

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya