මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුඛ ආවරණ පැළඳීම පරික්ෂා කිරීමට විශේෂ සෝදිසි මෙහෙයුමක්

    නොවැම්බර් 23, 2021

    මුඛ ආවරණ නිසා ආකාරයෙන් පැළඳ සිටින්නේ ද යන්න පරික්ෂා කිරීම සඳහා විශේෂ සෝදිසි මෙහෙයුමක් බස්නාහිර පළාතේ අද (නොවැම්බර් 23) දින සිට ආරම්භ කරන බවත්, එය එළැඹෙන උත්සව සමය අවසන් වනතුරු අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන බවත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

    එළැඹෙන උත්සව සමයේ කොවිඩ් 19 මැඩපැවැත්වීම සඳහා පොලිසියේ සැලැස්ම පැහැදිළි කරමින් ඒ මහතා මාධ්‍ය වෙත අද (23) මෙම අදහස් දැක්වීය.

    මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ, නිසි පරිදි මුඛ ආවරණ නොපැළඳි පුද්ගලයන් සම්බන්ධයෙන් නීත්‍යානුකූල පියවර ගැනීමට කටයුතු කරන බවත්, මුඛ ආවරණ පැළඳීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරීමට ජනතාව කටයුතු කළ යුතු බවත්ය.

    කොවිඩ් 19 වෛරසය පැතිරයාම නැවතත් වැඩිවී ඇති බවත්, එයට හේතුව මහජන ඒකරාශී වීම් ලෙසත් සඳහන් කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් පවසන්නේ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් නිකුත් කළ මාර්ගෝපදේශ මහජනතාව අමතක කරමින් යන ස්වභාවයක් පෙන්නුම් කරන බවයි.

    එමනිසා කොවිඩ් 19 රෝගය වැළැක්වීම සඳහා මහජනතාව නැවතත් සෞඛ්‍යාරක්ෂක ක්‍රම භාවිත කළයුතු බව පවසන තල්දූව මහතා රෝගය පැතිරීම වැළැක්වීමට සහය දෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලා සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya