මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා තනතුරෙන් ඉවතට

    නොවැම්බර් 23, 2021

    වසර හතක් තිස්සේ තහනමට ලක්ව තිබූ ග්ලයිපොසේට් ඇතුළු පළිබෝධනාශක වර්ග පහක තහනම ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා වහාම ක්‍රියාත්මක වන පරිදි තනතුරෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

    කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පෙන්වා දෙන්නේ තහනම් කර ඇති පළිබෝධනාශකවල තහනම තවදුරටත් ක්‍රියාත්මක බවය.

    මේ අනුව පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා නිකුත් කර ඇති 2021.11.01 දිනැති ගැසට් නිවේදනය බල රහිත කරන බවද ඔහුට එරෙහිව විනයානුකූල පරීක්ෂණයක් පවත්වන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya