මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙවර අයවැයෙන් ගමේ මනුස්සයාගේ අවශ්‍යතාවය හඳුනාගෙන ගමේ නියෝජිතයන් වෙනුවෙන් මුදල් වෙන් කළා- රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

    නොවැම්බර් 22, 2021

    ඉතිහාසයේ පළමු වතාවට මෙවර අයවැයෙන් ගමේ මනුස්සයාගේ අවශ්‍යතාවය හඳුනාගෙන ගමේ නියෝජිතයන් වෙනුවෙන් මුදල් වෙන් කර ඇතැයි සමෘද්ධි ගෘහ ආර්ථික රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

    අද දින අයවැය දෙවන වර කියවීමේ අවසන් දින විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    රේඛීය අමාත්‍යංශ මගින් සිදු වන සංවර්ධනයට අමතරව දිස්ත්‍රික් ලේකම්වරුන් වෙතින් සෘජුවම අවශ්‍ය සංවර්ධන කටයුතු සඳහා මෙවර අයවැයෙන් මුදල් ප්‍රතිපාදන වෙන් කර තිබේ. කොවිඩ් වසංගතය නිසා ජීවනෝපාය අහිමි වූ,අඩුවෙන් අවධානමට ලක් වූ සියළුම පිරිස් වෙත සිය ජීවනෝපාය ශක්තිමත් කිරීම සඳහා මෙවර අයවැයෙන් මුදල් වෙන් කළ බවද රාජ්‍ය අමාත්‍යවරයා කිය.

    ලෝකය අද අත්‍යාවශ්‍ය භාණ්ඩ 40% මිල ඉහළ ගොස් තිබෙන බව පැවසූ අමාත්‍යවරයා, 20%කින් වෙළෙඳපළ මිල වැඩ වී ඇති බවත් බොරතෙල් 74.05% ලෝක වෙලෙඳ පළ වැඩි වී අතැයිද පෙන්වා දුන්නේය. අද වන විට ආනයනය සීමා කරමින්, ඇතැම් භාණ්ඩ ආනයනය නවත්වමින් කටයුතු කර ඇති බවත් ආයෝජන සඳහා මිත්‍රශීලී පරිසරයක් නිර්මාණය කළ බවද කීය.

    මෙවර අයවැය විවාදය පුරාම රාජපක්ෂවරුන්ට මඩ ගසමින් සිටින බව කී අමාත්‍යවරයා, රාජපක්ෂවරු මෙවර අයවැයෙන් 64%ක් වෙන් කර ගෙන ඇතැයි පැවසුවද මුළු අයවැය ලේඛනයෙන්ම වෙන්කර ඇත්තේ 29.08% මුදලක් පමණක් බවද කීය. ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශිර්ෂය හුදෙක් යුධ කටයුතු වලට ලගු නොකරන්නයි ද අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

    මෙවර අයවැය ලේඛනය පුරාම අධ්‍යාපනය ,සෞඛළු පිළිබඳ කතා කළ බවත් සියළුම අමාත්‍යංශ සමග ගත් විට අධ්‍යපනය සඳහා 13.08% ක් සෞඛ්‍ය සඳහා 11% , කෘෂිකර්මාන්තයට 8% වෙන් කර ඇතැයිද කීය.ආනයන ආර්ථිකයෙන් අපේ රට මිදිය යුතු බව පෙන්වා දුන් අමාත්‍යවරයා, රජය 2021 බිලියන 210ක් අමතර මුදල් කොවිඩ් මර්ධනයට වියදම් කර ඇතැයිද පෙන්වා දුන් අමාත්‍යවරයා,මේ වසර අවසානයේ ඇ.ඩො බි 12 දක්වා අපනයනය වර්ධනය ඇති කර ගැනීමට රජය බලාපොරොත්තු වන බව කීය.

    විදේශ ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ සහ සෘජු විදේශ ආයෝජන හරහා මුදල් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් විපක්ෂය විසින් ඔවුන්ගේ ආණ්ඩුවේ රුපියල් බිලියන 433ක් නොපියවූ බිල්පත් ගෙවීමට ගෙනා රුපියල් බිලියන 360ක පරිපූරක ඇස්තමේන්තුව අනුමත නොකළ බවද අමාත්‍යවරයා කීය.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොවිඩ් මර්දනය සඳහා ලෝකයේ නිෂ්පාදිත සෑම එන්නතක්ම මෙරටට ගෙන්වීමට කටයුතු කළද මරණ සංඛ්‍යාව අඩු වීම සහ ආසාදිතයන් ගණන අඩු වීම විපක්ෂයට ප්‍රශ්නයක් වි ඇති බවත් නැවත ආසාදිතයන් ගණන වැඩි කිරීම ඉලක්කය වී ඇතැයිද පෙන්වා දුන්නේය.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya