මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඛනිජ තෙල් සංස්ථාව “පෞද්ගලීකරණය” වන්නේ නෑ - බලශක්ති අමාත්‍ය

    නොවැම්බර් 22, 2021

    තමා ඇමැති ධුරයේ සිටින තුරු ඛනිජ තෙල් සංස්ථාව “පෞද්ගලීකරණය” වන්නේ නැතැයි බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා අද (22) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    විදේශ මුදල් කළමනාකරණයේදී ඉන්ධන පිරිපහදු කිරීමට වඩා පිරිපහදු කරන ලද ඉන්ධන ගෙන්වීම ලාභදායී බව පැවසූ ගම්මන්පිල මහතා, විදේශ මුදල්වල ප්‍රශ්නයක් මතු වුවහොත් තෙල් පිරිපහදුව වසා දැමීමට සිදුවන බව තමා පසුගිය සැප්තැම්බර මස සිට දැනුම්දුන් බව සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya