අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීනයේ ශ්‍රී ලංකා තානාපති ජාත්‍යන්තර ස්වර්ණාභරණ සමුළුවට සහභාගි වෙයි

    නොවැම්බර් 21, 2021

    චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා, ෂැංහයි හි පැවති චීන ජාත්‍යන්තර ආනයන එක්ස්පෝ 2021 (CIIE) ප්‍රදර්ශනයට සමගාමීව පවත්වන ලද ජාත්‍යන්තර ස්වර්ණාභරණ සමුළුවේ ප්‍රධාන දේශකයකු ලෙස සහභාගී විය. බෙල්ජියමේ සහ ඉතාලියේ තානාපතිවරු වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිය දේශන පැවැත්වූහ. දේශන ඉදිරිපත් කළ අනෙකුත් දේශකයන් අතර ආසියාන් (ASEAN) මැලේසියාව සහ මියන්මාරය නියෝජනය කළ නියෝජිතයන් ද විය.

     

    මැණික් හා ස්වර්ණාභරණ සඳහා වෙන් වූ චීන e-වෙළඳපොළ සැලකිය යුතු අයුරින් යථා තත්ත්වයට පත් වී ඇති අතර මේ වන විට එය වසංගතය හමුවේ යථා තත්ත්වයට පත් වෙමින් පවතින ඉතාලි සහ බෙල්ජියානු කර්මාන්තවල ප්‍රධාන හවුල්කරුවෙකු බවට පත්ව ඇත.

    තම ආර්ථිකයේ සහ චීනය සමඟ පවත්වන වෙළඳාමේ ප්‍රධාන අංගයක් බවට මැණික් හා ස්වර්ණාභරණ වෙළඳාම පත්ව ඇති බව බෙල්ජියමේ සහ ඉතාලියේ දේශකයෝ අවධාරණය කළහ. මෙම අංශය හරහා එම රටවල රැකියා ප්‍රධාන වශයෙන් උත්පාදනය වේ.

    චීනයේ ස්වර්ණාභරණ කර්මාන්තය මෙම වසරේ දී 14% කින් වර්ධනය වනු ඇති අතර මැණික් අපනයනය ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන ක්ෂේත්‍රයක් සහ විදේශ විනිමය උපයා දෙන මාර්ගයක් බවට පත් කිරීමට අවස්ථාව උදාවේ. මීට අදාළ ගෝලීය කර්මාන්තය 3-4% කින් වර්ධනය වනු ඇත.

    ඉන් අනතුරුව පැවති දිවා භෝජන සංග්‍රහයට සහභාගී වූ බොහෝ දෙනෙක් අනෙකුත් ප්‍රදර්ශකයන් විසින් ප්‍රදර්ශනය කරන ලද සහ අලෙවි කරන ලද ශ්‍රී ලංකා මැණික් විශාල ප්‍රමාණය, විශේෂ සැලකිල්ලක් දක්වමින්, 2022 වර්ෂයේ පැවැත්වෙන CIIE ප්‍රදර්ශනයේ දී ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ වෙළඳාම වඩාත් හොඳින් නියෝජනය කිරීමට අපේක්ෂා කළහ. තායි, ඉන්දියානු සහ පාකිස්තාන මැණික් ප්‍රදර්ශන කුටි තමන් විසින් ප්‍රදර්ශනය කරන ලද ශ්‍රී ලංකාවේ මැණික්වල සිත් ඇදගන්නාසුළු එකතුව හේතුවෙන් සැලකිය යුතු ලෙස ආකර්ෂණීය විය. මෙහි වඩාත්ම සුවිශේෂී අංගය වූයේ මින් පෙර ශ්‍රී ලංකාවේ මැණික් පොකුර සඳහා වෙන් කර තිබූ ස්ථානය තුළ ස්ථාපනය කරන ලද පළිඟු ඔබ්බවූ ද්වාර මණ්ඩපය (ඩුබායි රාජකීය මැදුරට හිමි) යි.

    චීනයේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ පරීක්ෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ යේ ෂිබින් මහතා සහ භූ විද්‍යා රසායනාගාර ප්‍රමිතිකරණ අධ්‍යක්ෂ යැන්ග් ලීෂින් මහතා ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සමඟ විධිමත් සබඳතාවක් ගොඩනගා ගත හැකිදැයි විමසූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya