අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරයි

    නොවැම්බර් 20, 2021

    චෙක් ජනරජය, සර්බියාව, ස්ලෝවැකියාව, ස්ලෝවේනියාව සහ ඔස්ට්‍රියාවේ ස්ටයිරියා සහ කැරින්තියා හි ශ්‍රී ලංකාවේ නිර්වේතනික කොන්සල් ජනරාල්වරුන් විසින් පරිත්‍යාග කරන ලද ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල සහ පල්ස් ඔක්සිමීටර තොගයක් ලබා ගැනීම සඳහා ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් පහසුකම් සලසන ලදී. කොවිඩ්-19 මැඩ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව දරන උත්සාහයට සහය දැක්වීමක් වශයෙන් මෙම පරිත්‍යාගය සිදු කරන ලදී.

    කොළඹ විදේශ අමාත්‍යංශයේ පැවති උත්සවයක දී මෙම පරිත්‍යාගය ප්‍රදානය කෙරිණි. විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා විසින් එම පරිත්‍යාගය ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සහ රාජ්‍ය අමාත්‍යංශ ලේකම් වෛද්‍ය ආර්.එම්.එස්.කේ රත්නායක මහතා වෙත භාර දෙන ලදී.

     

    ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපති මජින්ත ජයසිංහ මහතා සහ තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය මෙම පරිත්‍යාගය ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු සම්බන්ධීකරණය කළ අතර ගුවනින් එම භාණ්ඩ තොගය ප්‍රවාහනය කිරීමේ පිරිවැය පියවා ගැනීමට දායක වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya