අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට, ප්‍රමාද වූ ප්‍රශ්න සඳහා සම්පූර්ණ පාර්ලිමේන්තු දින වෙන් කළේ මෙවරයි - සභානායක

    නොවැම්බර් 20, 2021

    ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට, ප්‍රමාද වූ ප්‍රශ්න සඳහා, සම්පූර්ණ පාර්ලිමේන්තු දිනයක් ලබා දුන් දුන් බව, සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, පාර්ලිමේන්තුවේදී 19 දින ප්‍රකාශ කළේය.

    ඒ අනුව එක් දිනයක ප්‍රශ්න 50ක් සඳහා අවස්ථාව දුන් බවත් , තවත් දිනයක ප්‍රශ්න 40ක් සඳහා අවස්ථාව දුන් බවත් ඔහු සඳහන් කළේය. සභානායකවරයා, ආණ්ඩු පක්ෂ සංවිධායකවරයාගේ සහ රජයේ යෝජනාව අනුව පක්ෂ නායක කමිටුවේ එකඟතාව මත එසේ ප්‍රශ්න සඳහා වෙනම පාර්ලිමේන්තු දින වෙන් කළ බවද  පැවසීය.

    එවැනි සියලු තීරණ සඳහා එළඹෙන්නේ ආණ්ඩු පක්ෂය හා විරුද්ධ පක්ෂය යන සියලු දෙනා සහභාගී වන පක්ෂ නායක කමිටුවෙන් බවද ඔහු කියා සිටියේය.

    සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙම කරුණු අවධාරණය කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ යෝජනා ඉදිරිපත් කිරීමේ සහ ප්‍රශ්න විමසීමේ අවස්ථාවන් පිළිබඳ පාර්ලිමේන්තුවේදී මතුවූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

     එහිදී සභානායකවරයා වැඩිදුරටත් කියා සිටියේ, අය වැය කාල සීමාව තුළ ප්‍රශ්න අඩු කිරීම සාමාන්‍යයෙන් පිළිගත් සම්ප්‍රදායක් බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලබාදෙන පෞද්ගලික මන්ත්‍රී යෝජනා , විවාදයට ගැනීම සඳහාද නියමිත ලෙස දින වෙන් කිරීමට නොහැකි වූ බව සඳහන් කළ සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා, පැවසුවේ ආණ්ඩු පක්ෂයේ පවා පසු පෙළ මන්ත්‍රීවරු විශාල සංඛ්‍යාවක්ද ඒ සඳහා ලේඛනගතව සිටින බවයි. කෙසේ වෙතත් එක් දිනයක ප්‍රශ්න 50කට, 40කට ඉඩ දෙන සුවිශේෂී දොරටුව විවෘත කළේද ප්‍රශ්නවලට ඉඩදීමේදී මතුව තිබු ප්‍රමාදය ඉවත් කිරීම සඳහා බව ඔහු අවධාරණය කළේය

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya