අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව පරපුරේ ගායිකා යොහානි දිලෝකා ද සිල්වා ඇගයීමේ වැඩසටහනක් පාර්ලිමේන්තුවේ දී

    නොවැම්බර් 20, 2021

    නව පරපුරේ ගායිකා යොහානි දිලෝකා ද සිල්වා මෙනවිය ඇගයීම සඳහා වන වැඩසටහනක් ලබන අඟහරුවාදා(23) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වේ.


    පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය එය සංවිධානය කරන බව එම සංසදයේ ලේකම්, පාර්ලිමේන්තුවේ කාර්‍ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසන්නීය.

    මේ අවස්ථාවට ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති ප්‍රාථමික සෞඛ්‍ය සේවා, බෝවන රෝග සහ කොවිඩ් 19
    නිවාරණය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන මහත්ම මහත්මීන් ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් සහභාගිවීමට නියමිතය.

    මෙම වැඩසටහන පූර්ණ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් පවත්වන බව කුෂානි රෝහණදීර මහත්මිය වැඩිදුරටත් පවසන්නීය.
    යොහානි දිලෝකා ද සිල්වා මෙනවිය විසින් ප්‍රතිගායනා කරනු ලැබූ “මැණිකේ මගේ හිතේ” ගීතය මේ වන විට දේශීය හා විදේශීය වශයෙන් ජනාදරයට පත්ව තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya