අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙරටට විදේශිකයින් ගෙන්වීමේ නව වැඩපළිවෙළක් ක්‍රියාත්මක කරනවා- විදේශ අමාත්‍ය

    නොවැම්බර් 19, 2021

    ශ්‍රී ලංකාවේ භූ ගෝලීය පිහිටීම මෙන්ම, කොවිඩ් වසංගතය සාර්ථක ලෙස පාලනය කිරීම හේතුවෙන් ලෝකයේ අවධානය ශ්‍රී ලංකාවට යොමු වී ඇතැයි විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (19) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

    අයවැය දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

    රටට තවදුරටත් ණය ගත නොහැකි බවත් රට සංවර්ධනය කිරීමට නම් වෙන ක්‍රම ඔස්සේ ප්‍රාග්ධනය ලබා ගත යුතු යැයි පවසූ අමාත්‍යවරයා, තව තවත් ණය නොවී මේ රටට අවශ්‍ය ප්‍රාග්ධනය ළගා කර ගැනීමට නම් ආයෝජනය , වෙළෙඳාම, සංචාරක කර්මාන්තය‍, මෙරටට ශ්‍රමිකයින් විදේශ රටවලට ගොස් එවන විදේශ විනිමය යන ක්‍රමවේදයන්ට යොමු විය යුතු යැයිද කීය.

    මේ වනවිට මහා බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය රටවල් කෙරෙහි දැඩි අවධානයක් ලක් කරන බවත් විශේෂයෙන් ශ්‍රී ලංකාව සමග වෙළෙඳ කටයුතු ඉහළ නැංවීමට බලාපොරොත්තු වන බවද විදේශ අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    බ්‍රිතාන්‍යයේ විදේශ අමාත්‍යවරිය සමග පසුගියදා තමා සාකච්ඡා කළ බවත් බ්‍රිතාන්‍යයේ කර්මාන්ත කටයුතු සඳහා ශ්‍රී ලංකාවෙන් අමුද්‍රව්‍ය ලබා ගැනීමේ අවශ්‍යතාවයක් ඇති බවත් පැවසූ අමාත්‍යවරයා, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකාව සමග වෙළෙඳ සම්බන්ධතා පැවැත්වීමට වෙනම නියෝජිතවරයෙක් පත් කර ඇතැයිද කීය.

    ආයෝජකයින් සඳහා දිරිගැන්වීම් නොමැතිව මෙරටට ආයෝජකයන් නොපැමිණෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ගුවන්තොටුපළ විවෘත කරමින් ශ්‍රී ලංකාව ලෝකය සමග ගනුදෙනු කිරීම ආරම්භ කර ඇතැයිද පැවසීය.

    එහිදී අමාත්‍යවයා මෙසේද පැවසීය‍

    ඉදිරියේදී සූම් තාක්ෂණය ඔස්සේ සියලු තානාපතිවරුන් සමග සාකච්ඡා කර මෙරටට විදේශිකයින් ගෙන්වීමේ නව වැඩපළිවෙළක් ක්‍රියාත්මක කරන බවද විදේශ අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    ''සංචාරක කර්මාන්තය කියන්නේ විදේශිකයින් ඉස්සර වගේ මුහුදු වෙරළේ ඇවිත් දින කිහිපයක් විනෝද වෙන එක නොමේ. විදේශ විනිමය සොයන්න ඊට වඩා ක්‍රම තිබෙනවා. මේ රටට අලුත් සංචාරකයින් දැන් පැමිණෙනවා. පසුගියදා ජර්මනියේ සිද්ධාලේප ආයුර්වේද ස්පා එකක් විවෘත කළා. විශේෂයෙන්ම ආයුර්වේද ක්‍රම මගින් තම සෞඛ්‍ය දියුණු කර ගන්න කැමති විශාල සංචාරකයින් පිරිසක් සිටිනවා. ඔවුන් හරහා විදේශ විනිමය ලබා ගන්න පුළුවන්. Environmental Tourism, Religious Tourism වලට අද විශාල ඉඩක් තිබෙනවා.''යැයි ද අමාත්‍යවරයා පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya