මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සේවකයන් විශ්‍රාම යාමේ අවම වයස පනත සහ කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධාන) (සංශෝධන) පනත අද සිට බලාත්මකයි

    නොවැම්බර් 17, 2021

    සේවකයන් විශ්‍රාම යාමේ අවම වයස පනත් කෙටුම්පතට සහ කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධාන) (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය හිමිවෙයි

    පසුගිය 11 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන සම්මත වූ, සේවකයන් විශ්‍රාම යාමේ අවම වයස පනත් කෙටුම්පතට සහ කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධාන) (සංශෝධන) පනත් කෙටුම්පතට ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (17) සිය සහතිකය සටහන් කළේය.

    මෙම පනත් කෙටුම්පත් මගින් පෞද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීම සිදුවේ. විශේෂයෙන් මෙතෙක් පෞද්ගලික අංශයේ සේවය කරන බොහෝ සේවකයින්ගේ විශ්‍රාම ගැනීමේ අවම වයස් සීමාවක් නියමකොට නොතිබුණි. බොහෝ විට පෞද්ගලික අංශයේ සේවකයන් විශ්‍රාම ගැන්වීම සඳහා පාදක කර ගනු ලැබුවේ සේව්‍ය, සේවක දෙපාර්ශ්වය අතර ඇති කරගන්නා ගිවිසුමේ සඳහන් කොන්දේසීන්ය.

    මේ අනුව 2021 අංක 28 දරන සේවකයන් විශ්‍රාම යාමේ අවම වයස පනත සහ 2021 අංක 29 දරන කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධාන) (සංශෝධන) පනත අද (17) සිට බලාත්මක වේ.
    .

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya