මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගෘහාශ්‍රිත, සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් බල ගැන්වෙන පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන්

    නොවැම්බර් 17, 2021

    වසරකට මෙරට පාවහන් අවශ්‍යතාව වන මිලියන 25-40ත් අතර ප්‍රමාණයෙන් දේශියව නිපදවන 60% - 65%ක ප්‍රමාණය තව දුරටත් වැඩි කර ගැනීම සහ එමගින් ගෘහාශ්‍රිත, සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නිර්මාණය කොට ඔවුන්ව බල ගැන්වීම උදෙසා කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ උපදෙස් පරිදි කර්මාන්ත අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇගළුම් ආයතනය එක්ව සංවිධානය කළ පුහුණු පාඨමාලව සාර්ථකව අවසන් කළ පුහුණුලාභින් වෙනුවෙන් සහතික පත්‍ර හා පාවහන් නිෂ්පාදන කර්මාන්තයට අවශ්‍ය උපකරණ ලබාදීම කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (16) කර්මාන්ත අමාත්‍යාංශයේදී සිදු විය.

    කර්මාන්ත අමාත්‍යාංශයට අනුබද්ධිත ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇගළුම් ආයතනය පුහුණු පාඨමාලාව සංවිධානය කිරීම සහ පැවැත්වීම සිදුකළ අතර කර්මාන්ත අමාත්‍යාංශය ඊට අවශ්‍ය ප්‍රතිපාදන සපයනු ලැබීය. කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල, මොරටුව, හෝමාගම, කැස්බෑව, මහරගම, කොලොන්නාව සහ අවිස්සාවේල්ල යන ප්‍රදේශ නියෝජනය කරමින් තෝරාගත් පුහුණුලාභින් වෙත ලබාදුන් දින 10ක මෙම පුහුණු පාඨමාලව ඉදිරියේදී දිවයිනේ සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි පැවැත්වීමට නියමිතය.

    පුහුණුලාභින් විසින් නිර්මාණය කළ පාවහන් මෙහිදී අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්වූ අතර ඒවා ඉතා හොද මට්ටමේ පවතින බව අදහස් දක්වමින් ඇමතිවරයා කියා සිටියේය. දේශීය වෙළදපොළ ඉලක්ක සපුරන අතර අපනයන වෙළදපොළ ද ඉලක්ක කර ගනිමින් පාවහන් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය දැනුම සහ සහයෝගය ඉදිරියේදීත් ලබාදීමට කර්මාන්ත අමාත්‍යාංශය වශයෙන් සුදානම් බව පිරිස අමතමින් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය. කොළඹ දිස්ත්‍රික්කයේ පුහුණුව ලැබූ පළමු නව ව්‍යවසායකයන් කණ්ඩායමට සහතික පත්‍ර හා පාවහන් නිෂ්පාදන කර්මාන්තයට අවශ්‍ය උපකරණ ද මෙහිදී නොමිලේ ලබාදෙන ලදි.

    මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක, කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (කර්මාන්ත සංවර්ධන) චමින්ද පතිරාජ, ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇගළුම් ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් සරත් ප්‍රනාන්දු, එම ආයතනයේ පාවහන් හා සම්භාණ්ඩ අංශ ප්‍රධානි සරත් විජේබාහු, සහකාර තාක්ෂණික නිලධාරිනි රුක්ෂිනිද සිල්වා, ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇගළුම් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික සුරේෂ් ඉන්දික, අවිස්සාවේල්ල නාගරික මන්ත්‍රී චන්දන ලියනගේ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya