මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය මාධ්‍ය නූතනත්වයේ අභියෝග භාරගෙන ඉදිරියට යා යුතුයි

    නොවැම්බර් 17, 2021

    රාජ්‍ය මාධ්‍ය නූතනත්වයේ අභියෝග භාරගෙන ඉදිරියට යා යුතු බවත් එසේ නූතන දර්ශක භාවිතා නොකර සංවර්ධන පුවත් මගින් පමණක් රාජ්‍ය නාලිකා වලට ඉදිරියට යා නොහැකි බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ලක්හඬ ගුවන් විදුලි නාලිකාවේ 25 වැනි සංවත්සරය නිමිත්තෙන් පසුගිය (15) පැවති සැමරුම් උත්සවයට එක්වෙමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙසේ ද පැවසීය.


    “ආයතනයක, පවුලක, දේශපාලනඥයකුගේ, කලාකරුවකුගේ වසර 25ක සැමරුම, නැතිනම් රිදී ජුබිලිය සමරන ක්‍රමවේද රාශියක් තිබෙනවා. රටේ ප්‍රධාන නාලිකාවක් විදියට ලක්හඬ 25 වන සංවත්සරය සැමරිය යුතු ආකාරය ගැන මගේ යෝජනාව ඔබට ඉදිරිපත් කළොත් එහි ක්‍රමවේද තුනක් තිබෙනවා. ඉන් පළමුවැන්න ඉතිහාසයට ගරු කිරීමයි. දෙවැන්න වර්තමානගේ ගැටලු හඳුනාගැනීමයි. තුන්වැන්න අනාගතය වෙනුවෙන් ඒ අභියෝගය භාරගැනීම සහ අභියෝගයට ප්‍රේම කිරීමයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් සැමරීමක් කළ හැක්කේ මේ අදියර තුන හරහා පමණයි.”

    ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර, ලක්හඬ නිර්මාතෘ නිව්ටන් ගුණරත්න, ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති, සුදත් රෝහණ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya