අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පස්වන ජාතික මහා සම්මේලනය අදයි

    නොවැම්බර් 02, 2021

    නොවැම්බර් දෙවෙනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින්ට ඉතිහාස ගත වන දවසක් බවට සනිටුහන් වෙන අද දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පස්වන ජාතික මහා සම්මේලනය නෙලුම්පොකුණ මහින්ද රාජපක්ෂ රඟ හලේ දී පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම්ව තිබේ.

    පක්ෂ සංවත්සරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පරමාදර්ශී නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ ජාතික සංවිධායක මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ, පාක්ෂික මැති ඇමතිවරුන් සහ සියලුම පක්ෂ සහෝදර නායකයින්, පක්ෂ සාමාජිකයින් ඇතුළු සියලු පිරිස ඒකාබද්ධ කරගනිමින් මෙරට තිබෙන සෞඛ්‍ය තත්ත්වය ද සැළකිල්ලට ගනිමින් සෞඛ්‍ය අංශ විසින් ලබා දෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුගතවෙමින් ජාතික මහා සම්මේලනය පැවැත්වීමට නියමිතව තිබේ.

    අභියෝග රාශියක් මැද බිහි වන මෙම දැවැන්ත පක්ෂය මෙම ගත වූ වසර පහක කාලය තුළ විවිධ අභියෝග රාශියකට මුහුණ දෙමින් එම අභියෝග ජය ගෙන ඉදිරියට පැමිණ ඇති බවත්, එවකට මෙම පක්ෂය නිර්මාණය කිරීමේ දී පැවති ආණ්ඩුවල නායකයින් විසින් එල්ල කරන ලද චෝදනා වලට කිසිවිටෙක නොසැලී ඉදිරියට ආ බවත් වරාය අමාත්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ඊයේ (01) ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පක්ෂ කාර්යයාලයේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කර සිටියේය.

    එමෙන්ම මෙම පක්ෂය නිර්මාණය කර කෙටි කලකින් ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ කිසිවෙකුට සිදු කල නොහැකි වූ දැවැන්තම මැයි දින රැළිය සිදු කරලීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වූ බවත්, මෙම පක්ෂය විසින් පොහොට්ටුව ලකුණින් ඉදිරිපත්ව පළාත් පාලන මැතිවරණය මඟින් 85% ක ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකි වූ බවත්, ඉන් අනතුරුව ජාතික මැතිවරණය වූ ජනාධිපතිවරණයට ද ඉදිරිපත් වූ අතර ඊට පක්ෂයේ එකඟතාවය මත ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට හැකි වූ බවත්, 69 ලක්ෂයක් වූ ශ්‍රී ලාංකික ජනතාවගේ ඡන්දයෙන් ඉතිහාස ගත වාර්තාවක් තබමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස පත් කිරීමට මෙම පක්ෂය මඟින් හැකි  වූ බවත් හෙතෙම කියා සිටියේය.

    පාර්ලිමේන්තු මැතිවරණයට දින නියම කළ ද කොවිඩ් අර්බුදය පැවතිය ද 2020 වසරේ අගෝස්තු මස දී තුනෙන් දෙකක ජන වරමක් සහිතව ජයග්‍රහණය කිරීමට ද මෙම දැවැන්ත පක්ෂයට හැකි වූ බවත් කියා
    සිටි අමාත්‍යවරයා ආණ්ඩුවක් ලෙස ඉදිරියට යන ගමනේ දී වර්තමානේ දී ලෝකයේ අතරතුර ආර්ථිකයට මෙන්ම දේශපාලනයට ද විවිධ අභියෝග පැමිණෙන මොහොතක මෙරට දැවැන්ත පක්ෂයක් වශයෙන් වර්තමානයේ දී පවතින අභියෝගයන්ට මුහුණ දෙමින් කටයුතු කරනු ලැබේ.

    එමෙන්ම කොවිඩ් අර්බුදයේ දී ලොව ප්‍රභල රටවල් හා එක්වෙමින් එම රටවල් හා සමානවම එන්නත ලබා දීමේ ක්‍රියාවලිය මෙරට ක්‍රියාත්මක කිරීමටත් කටයුතු කිරීමට වර්තමාන ආණ්ඩුවට හැකි ව තිබේ. වසර පහක කාලය ආපස්සට ගෙන බැලීමේ දී පාක්ෂිකයින්ට විශාල ආඩම්බරයක් තිබෙන පක්ෂයක් ව ඇති බවත්, මෙරට පවතින බොහෝ දේශපාලන පක්ෂ වසර 50 කට වඩා ඉතිහාසයක් තිබෙන පැරණි ප්‍රභල පක්ෂ වන අතරම ඒ හා සමානවම කටයුතු කල හැකි පක්ෂයක් බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පත්ව තිබෙන බවත් අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් කියා සිටියේය.
    වෙනත් කිසිඳු පක්ෂයක නොමැති අනුබද්ධ සංවිධාන 30 කට ආසන්නව අනුබද්ධ ව තිබෙන මෙම පක්ෂය මඟින් මෙරට කොට්ඨාස, ග්‍රාමීය, මන්ත්‍රී කොට්ඨාස, ග්‍රාමසේවා වසම්, ආසන, හා දිස්ත්‍රික් මට්ටමින් ජාතික වැඩපිළිවෙලක් මෙරට තුළ ක්‍රියාත්මක කරවීමට හැකිව තිබේ.
    ඒ අනුව, ඉදිරි වසර පහ තුළ දී ත් පක්ෂය ඉතාමත් හොඳින් ශක්තිමත් කරමින් පාක්ෂිකයින් ව ආරක්ෂා කර ගනිමින් ඔවුන්ට ලබා දෙන ශක්තියත් එකතු කර ගනිමින් නව පාක්ෂිකයින් එක් කර ගනිමින් රජයත් ආරක්ෂා කර ගනිමින් ඉදිරියට ගමන් කරන පක්ෂයක් බවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කටයුතු කරන බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

     

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya