මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුදල් ඇමති මල්වතු අස්ගිරි නා හිමිවරු බැහැදකිති

    ඔක්තෝබර් 31, 2021

    මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අස්ගිරි මල්වතු මහානායක අනුනායක මාහිමිපාණන් වහන්සේලා බැහැ දකී.

    ඉදිරි අයවැය යෝජනා ඉදිරිපත් කිරීමට ප්‍රථම මහනුවර දළඳා සමිඳු වැදපුදා ගනිමින් ආශිර්වාද ලබගැනීමෙන් අනතුරුව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා, මල්වතු අස්ගිරි උභය විහාරීය මහා සංඝයාවහන්සේලා බැහැ දැකීමට (30) කටයුතු කළේය.

    ඒ අනුව, මල්වතු පාර්ශවයේ අතිපූජ්‍ය තිබ්බටුවේ ශ්‍රී සිද්ධාර්ත සුමංගලාභිධාන මහානායක ස්වාමීන් වහන්සේ, අස්ගිරිපාර්ශවයේ අතිපුජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඥ්ඥානන්ද ඤාණරතනාභිධාන මහනායක ස්වාමීන්වහන්සේ, පූජ්‍ය නියන්ගොඩ ධර්මකීර්ති ශ්‍රී සංඝරක්ඛිත විජිතසිරි අභිධාන අනුනායක ස්වාමීන්වහන්සේ, පූජ්‍ය වේඩරුවේ ශ්‍රී රතනාපාල උපාලි අභිධාන අනුනායක ස්වාමීන්වහන්සේ, පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සයාභිධාන අනුනායක ස්වාමීන්වහන්සේ යන ස්වාමීන්වහන්සේලා බැහැ දැකීම සිදු වු අතර, පවතින වසංගත තත්ත්වය හමුවේ ජනතාවට සහණ සළසමින් රට සංවර්ධනය කිරීමේ යෝජනා පිළිබඳව මෙන්ම රට මුහුණ දී ඇති අභියෝග හමුවේ ඉදිරි කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් මෙහිදී මුදල් අමාත්‍යවරයා හා ස්වාමීන්වහන්සේලා අතර කරුණු සාකච්ඡා විය.
    මෙම අවස්ථාව සදහා දකුණු පළාත් ආණ්ඩුකාරවර විලී ගමගේ මහතා මධ්‍යම පලාත් ආන්ඩුකාරවර ලලිත් ගමගේ මහතා ඇතුළු පිරිසක් ද එක්විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya