අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වේදනා කළමණාකරණ පුහුණුව අවසන් කළ හෙඳ නිලධාරීන් 39කට නිල ලාංඡන

    ඔක්තෝබර් 27, 2021

    ඉදිරි වසර කිහිපය තුළ මෙරට සෞඛ්‍ය පද්ධතියට වැඩි වශයෙන් වේදනා කළමණාකරණ පුහුණු හෙඳ නිලධාරීන් යොමු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලැසුම් කර තිබේ.

    ඒ් අනුව 2025 වන විට සියලු රෝහල් සඳහා මෙවැනි පුහුණු හෙද නිලධාරීන් යොමු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අපේක්ෂා කරයි.

    වේදනා කළමණාකරණ පුහුණුව අවසන් කළ හෙඳ නිලධාරීන් 39 දෙනෙකු සඳහා නිල ලාංඡන පැළඳවීම හා සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවයකදී මේ බව අනාවරණය විය. සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී  (25) මෙම උත්සවය පැවැත්විණි.

    දිවයිනේ රෝහල් 35 ක් සඳහා මෙලෙස පුහුණුවලත් නිලධාරීන් අනුයුක්ත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබේ. මෙමගින් ශ්‍රී ලංකාවේ හෙද සේවාවේ ගුණාත්මකභාවය හා කාර්යක්ෂමතාව ඉහළ නංවමින් රටෙහි ජනතාවට යහපත් සෞඛ්‍ය පද්ධතියක් ඇතිකිරීම අරමුණු කෙරේ.

    2019 වසරේදී මෙම වැඩපිළිවෙල මූලිකව ආරම්භ කෙරුණු අතර ඊයේ දින සහතික පත්‍ර එහි දෙවන කණඩායමට පිරිනැමිණි. ඉදිරි නොවැම්බර් වන විට මෙහි තෙවන කණ්ඩායම බඳවා ගැනීමට නියමිතය.

    ඉන්දියාවේ හයිද්‍රබාද් හා සිංගප්පූරුවේ විශේෂ පුහුණුව ලැබූ ශ්‍රී ලංකා ජාතික රෝහලේ වේදනා කළමණාකරණ පුහුණු හෙද නිලධාරිණී වජිරා විජේසිංහ මහත්මියට මෙහිදී විශේෂ නිල ලාංඡනයක් පැළඳවීමද සිදු කෙරිණි.

    සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අවශ්‍ය හෙද නිලධාරීන් සඳහා වේදනා කළමණාකරණය පිළිබඳව නිසි පුහුණුවක් ලබා දිය යුතු බවත් ඒ් සඳහා සේඛ්‍ය අමාත්‍යාංශය මේ වන විට සාර්ථක වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇති බවත් අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙහිදී කීය.විශේෂයෙන් මේ සඳහා වන නව තාක්ෂණික දැනුම ලබාගැනීම සඳහා විදේශීය පුහුණුව මෙරට නිලධාරීන්ටද ලබා දීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා පැවසීය.

    අන් කවරදාටත් වඩා මෙරට සෞඛ්‍ය පද්ධතිය මෙන්ම හෙද සේවාව පිළිබඳව ජාත්‍යන්තරික ඇගයීම මෙන්ම ප්‍රසාදය ලැබී ඇතැයිද එය ශ්‍රී ලාංකීය සෞඛ්‍ය පද්ධතිය ලැබූ ඉහළ ගෞරවයක් යැයිද අමාත්‍ය රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් කීය.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා 1 )වෛද්‍ය ලාල් පනාපිටිය, හෙද අධ්‍යක්ෂිකා (වෛද්‍ය සේවා) එම්.බි.සී සමන්මලී , නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති මහාචාර්ය හිමාෂි මකුලොළුව යන මහත්ම මහත්මීන්ද නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරු, අධ්‍යක්ෂවරුන් හා විශේෂ ශ්‍රේණීයේ හෙද නිලධාරින් එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya