අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු අදියරෙන් අදියර ආරම්භ කිරීමට තීරණයක්

    ඔක්තෝබර් 26, 2021

    නොවැම්බර් පළමුවැනිදා සිට විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු අදියරෙන් අදියර ආරම්භ කිරීමට අවසර ලබාදී තිබෙන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

    අදාළ දින තීරණ කිරීමේ බලය එක් එක් විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරුන්ට පවරා ඇති බව ද ඒ මහතා කියයි. පළමු අදියර යටතේ ලබන පළමුවනදා සිට විශ්ව විද්‍යාල අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීමට අවසර ලබාදී තිබේ.

    පළමු අධියර යටතේ විශ්ව විද්‍යාල සඳහා පැමිණිමට අවසර දී ඇත්තේ පූර්ණ එන්නත්කරණයට ලක්ව සති 02 ක් ගතවූ සිසුන්ට පමණක් වන අතර ශිෂ්‍ය සංඛ්‍යාවෙන් සියයට 25 ක් බැගින් ප්‍රථමයෙන් අධ්‍යයන කටයුතු සඳහා සහභාගී කරගන්නා ලෙසද උපදෙස් දී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya