අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධිවේගී මාර්ගයේ පෙරගෙවුම් කාඩ් පත් වාහන වායු විමෝචන පරීක්ෂණ මධ්‍යස්ථානවලින්

    ඔක්තෝබර් 25, 2021

    අධිවේගී මාර්ගයේ ගාස්තු ගෙවීම සඳහා විද්‍යුත් මුදල් ගෙවීමේ ක්‍රමය ( ETC ) වෙනුවෙන් භාවිතා කරන පෙරගෙවුම් කාඩ් පත් වාහන වායු විමෝචන පරීක්ෂණ මධ්‍යස්ථාන වලින් ( Vehicle Emission Test Centre ) නිකුත් කිරීමට හැකියාව තිබේදැයි සොයා බලන ලෙස මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්.ආර්. පේමසිරි මහතාට තමන් උපදෙස් ලබා දුන් බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

    දැනට කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ පමණක් විද්‍යුත් මුදල් ගෙවීමේ ක්‍රමය භාවිතා කරන බැවින් ETC පෙරගෙවුම් කාඩ් පත් දැනට නිකුත් කරනු ලබන්නේ සීදුව, ජා ඇල සහ කැලණිය තොරණ හංදියේ පිහිටි අධිවේගී මාර්ග කාර්යාල වලින් පමණි.

    ඉදිරියේ දී කෙරවලපිටිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ සහ අනෙකුත් අධිවේගී මාර්ග වල ඇති අන්තර් හුවමාරු මධ්‍යස්ථාන වලද විද්‍යුත් මුදල් ගෙවීමේ ක්‍රමය ( ETC ) ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බැවින් ජනතාවට පහසුවෙන් පෙරගෙවුම් කාඩ් පත් ලබා ගැනීමට වාහන වායු විමෝචන පරීක්ෂණ මධ්‍යස්ථාන වලින් හැකියාව ලැබෙන බව අමාත්‍යවරයාගේ අදහසයි.

    දෛනිකව අධිවේගී මාර්ග භාවිතා කරන්නන් අතර මුදල් ගෙවීම සඳහා විද්‍යුත් මුදල් ගෙවීමේ ETC පෙරගෙවුම් කාඩ් පත් ක්‍රමය ප්‍රචලිත කිරීම තුලින් අධිවේගී මාර්ග වල පිටවීමේ දොරටු අසල පවතින මාර්ග තදබදය මෙමඟින් අවම කර ගත හැකි බව අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

    එමෙන්ම දැනට ETC ගිණුමට මුදල් බැර කල හැක්කේ ලංකා බැංකුව, සම්පත් බැංකුව සහ කොමර්ෂල් බැංකුව පමණි. නමුත් ඉදිරියේදී සියළුම රාජ්‍ය සහ පෞද්ගලික බැංකු මගින්ද ETC ගිණුමට මුදල් බැර කිරිමට අවශ්‍ය කටයුතු සලසා ජනතාවට කඩිනම් සේවයක් ලබා දිමට කටයුතු කරන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya