අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය මාධ්‍ය ලාභ ලැබීමේ තත්ත්වයට පත් කර ගැනීමට නම් වඩාත් නිර්මාණශීලී විය යුතුයි - ජනමාධ්‍ය අමාත්‍ය

    ඔක්තෝබර් 25, 2021

    දැනට පාඩු ලබමින් පවතින රාජ්‍ය මාධ්‍ය ලාභ ලැබීමේ තත්ත්වයට පත් කර ගැනීමට නම් වඩාත් නිර්මාණශීලී වැඩසටහන් ඉදිරිපත් කළ යුතු බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

    පැහැදිලිවම රාජ්‍ය මාධ්‍යයන් තුළ නිර්මාණශීලීත්වයේ පසුබෑමක් පවතින බව පිළිගත් ඒ මහතා ඒ සඳහා කඩිනමින් පියවර ගත යුතු බවත් සඳහන් කළේය. ඒ මහතා මේ බව සඳහන් කළේ, පසුගියදා (21) පාර්ලිමේන්තුවේදී පැවති ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදීය.

    රාජ්‍ය මාධ්‍ය නඩත්තු කිරීම සඳහා එක් ආයතනයකට මසකට මිලියන 35ක පමණ මුදලක් වැය කිරීමට සිදුවන බවත්, එය සමහර ආයතන සඳහා මිලියන 45ක් පමණ වන බවත් අවධාරණය කළ අමාත්‍යවරයා රාජ්‍ය මාධ්‍ය වාණිජ වශයෙන් අසාර්ථක වීම රජයට තවදුරටත් දරා ගත නොහැකි බව සඳහන් කළේය.

    එයට අමතරව රූපවාහිනී නාලිකාවන් තුළ ප්‍රචණ්ඩකාරි සහ ළමයින්ට නොගැලපෙන අන්තර්ගතයන් සහිත චිත්‍රපට ප්‍රචාරය වන බැවින් ඒවා ප්‍රචාරය සඳහා සුදුසු ගුවන් කාලයන් නිර්දේශ කිරිමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමේ වැදගත්කමද මෙහිදී අවධාරණය කෙරිනි.

    පාර්ලිමේන්තු රැස්වීම් වාර්තා කිරීමේදී ජනමාධ්‍ය තුළ ඉතා වැදගත් කරුණු මගහැරෙන බවත් එනිසා පාර්ලිමේන්තුව තුළ සිදුවන රටට වැදගත් අණ පනත් ඉදිරිපත් කිරීම්, සම්මත කිරීම් මෙන්ම වැදගත්
    විවාද ආදිය ඇතුළත් කොට විශේෂ වැඩසටහනක් විකාශය කිරීමේ අවශ්‍යතාව මෙහිදීසාකච්ඡාවට ලක්වු අතර, අමාත්‍යවරයා රාජ්‍ය මාධ්‍ය ආයතන වෙත උපදෙස් ලබා දුන්නේ ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙසයි.

    උතුරු ප්‍රදේශයේ ජනතාවගෙන් 85%ක් පමණ ඉන්දියානු ටෙලිවිෂන් චැනල නැරඹීමට හුරු වී සිටීම සහ ඒ හේතුවෙන් එම ප්‍රදේශවල දරුවන් තුළ මෙරටේ සිදුවීම් පිළිබඳ සාමාන්‍ය දැනුම අවම බවත් මෙහිදී අනාවරණය විය. මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපති රෙජිනෝල්ඩ් කුරේ මහතා සඳහන් කළේ නේත්‍රා නාලිකාව ඔස්සේ පෙරවරු 4.00 සිට රාත්‍රී 12.00 දක්වා පළමු ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා දෙමළ දරුවන්ටද අධ්‍යාපනය ලබා දෙන බවයි.

    මේ පිළිබඳ අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ රාජ්‍ය මාධ්‍ය තුළින් ජනතාවට ලබා දෙන තොරතුරු මෙරට දමිල ජනතාවට සම්ප්‍රේෂණය නොවීමේ ගැටළුවක් පවතින බවයි. රාජ්‍ය මාධ්‍ය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල වලට දමිල සමාජිකයන් පත් කිරීමේ අවශ්‍යතාවය ද ඒ මහතා පෙන්වා දුන්නේය.

    රටේ පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් ලබන වසරේ අමාත්‍යාංශයට අදාළ කිසිදු නව ඉදි කිරිමක් සඳහා රජයෙන් මුදල් වෙන් නොකෙරෙන බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.

    මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන චන්දිම වීරක්කොඩි, ශාන්ත බණ්ඩාර, ආචාර්ව සුරේන් රාඝවන්, උද්දික ප්‍රේමරත්න, වීරසුමන වීරසිංහ, මධුර විතානගේ, චාල්ස්
    නිර්මලනාදන්,සම්පත් අතුකෝරළ, මේජර් සුදර්ශන දෙනිපිටිය, එස්. කජේක්ද්‍රන්, ගුණතිලක රණවක, උපුල් ගලප්පත්ති, ඩයනා ගමගේ යන මහත්ම මහත්මීහු සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය,ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව, ස්වාධීන රූපවාහිනී සේවය, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පදනම් ආයතනය,තැපැල් දෙපාර්තමේන්තුව, එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව, තොරතුරු දැනගැනීම් පිළිබඳ කොමිෂන් සභාව ඇතුළු ආයතන රැසක නිලධාරීහුද සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya