මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරිසර හිතකාමී නයිට්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂ 31 න් පළමු තොගය ශ්‍රි ලංකාවට

    ඔක්තෝබර් 19, 2021

    මෙවර මහ කන්නය සඳහා රැගෙන ඒමට නියමිත පරිසර හිතකාමි නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂ 31 න් පළමු තොගය අද (19) රාත්‍රියේ ශ්‍රි ලංකන් ගුවන් සේවයට අයත් UL 1156 ගුවන් යානයෙන් ඉන්දියාවේ සිට කටුනායක ගුවන්තොටුපොලට රැගෙන ඒමට නියමිතය.

    මෙම සතිය තුලදී පමණක් නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂ පහක් ලංකාවට රැගෙන ඒමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මහතා සඳහන් කරයි.

    අද (19) රාත්‍රියේ ඉන්දියාවේ සිට රැගෙන එන මෙම දියර පොහොර තොගය අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය ඇතුළු මහ කන්නයේ වී වගාව දැනටමත් ආරම්භ කර ඇති දිස්ත්‍රික්කවල ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන හරහා ගොවීන්ට ලබා දීමට කටයුතු කර ඇති බවද ලේකම්වරයා සඳහන් කෙළේය.

    පරිසර හිතකාමි කෘෂිකර්මයක් සඳහා වූ ජනාධිපතිවරයාගේ වැඩ පිළිවෙල යටතේ මෙවර මහ කන්නයේ වී ගොවිතැන හා අනෙකුත් බෝග සියල්ලට කාබනික පොහොර භාවිතා කීරිමට රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණයක් අනුව මෙම වැඩ පිළිවෙල ක්‍රියාත්මක වේ.

    ඉන්දියාවේ සිට අද (19) ශ්‍රී ලංකාවට රැගෙන එන මෙම විශේෂිත පොහොර ලෝකයේ දියුණුම නැනෝ තාක්ෂණය භාවිතා කොට නිෂ්පාදනය කර ඇති බවද මෙය පරිසර හිතකාමි ඉහළ සාර්ථකත්වයක් පෙන්වා ඇති පොහොරක් බවද කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා අවධාරණය කරයි. තවද ඉන්දියාවේ IFFCO ආයතනය මඟින් නිපදවන ලද මෙම පොහොර ලෝකයේ උසස් ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදනයක් ලෙස පිළිගෙන ඇති බවද පෙන්වා දෙන කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ ඉල්ලීම අනුව ශ්‍රී ලංකාවට මෙම පොහොර තොගය කඩිනමින් ලබා දීමට මැදිහත් වීම පිළිබඳව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට හා ඊට සම්බන්ධ වූ සියලු පාර්ශවයන්ට කෘතඥතාව පළ කරන බවද සඳහන් කළේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya