මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහපොළ ශිෂ්‍යත්ව අරමුදලේ නම ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාරකාර අරමුදල ලෙස වෙනස් වෙයි

    ඔක්තෝබර් 12, 2021

    මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදලේ නම ''ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාරකාර අරමුදල''ලෙස වෙනස් කෙරෙන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

     රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (12) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    මහපොළ උසස් ශිෂ්‍යත්ව භාර අරමුදල සංශෝධනය සඳහා වන නීති කෙටුම්පත ඊයේ (11) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කළ බව ද අමාත්‍යවරයා කීය.

    දිවංගත අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි මහතා මේ රටේ ආර්ථික ගැටලු පවතින දරුවන්ට උසස් අධ්‍යාපනය සඳහා අත්වැලක් සැපයීමේ අරමුණෙන් මහපොළ ශිෂ්‍යත්ව අරමුදල ඇති කළ බවත් ඒ මහතාගේ පුද්ගලික මුදල් වැය කර භාරකාර අරමුදලක් ලෙස පිහිටුවනු ලැබූ බවත් පසුව සංවර්ධන ලොතරැයිය දායක කර ගනිමින් විවිධ ව්‍යාපාරික ආයතන සහ පුද්ගලයන්ගේ මුදලවලින් මෙම අරමුදල ගොඩනැගුණු බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

    වර්තමානයේ බිලියන 12ක පමණ වත්කමක් සහිත මෙම අරමුදලින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන දරුවන් 15000කට වඩා වැඩි පිරිසකට වර්ෂයකට ශිෂ්‍යාධාර ලබා දෙන බවත් අමාත්‍යවරයා පැවසීය.

    මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදලෙහි නම ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාරකාර අරමුදල ලෙස වෙනස් කිරීම , සභාපතිධූරය සඳහා ජනාධිපතිතුමා නම් කරනු ලබන ශ්‍රේෂ්ඨාධිකරණයේ විශ්‍රාමලත් විනිසුරුවරයකු පත් කිරීම , භාරකාර අරමුදලේ සේවක කාරකාධීන් ඇතුළු පිරිස පොදු දේපල පනතට යටත් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.‍

    ඒ අනුව ඉදිරියෙදී උසස් අධ්‍යාපනය දහාරන දරුවන්ට මෙම අරමුදල සුරක්ෂිත කොට පෝෂණය කිරීම මෙහි අරමුණ වූ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.මෙම කෙටුම්පත ඉදිරියේදී පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගන්නා බවද අමාත්‍යවරයා කියා සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya