මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ ආයෝජනයට දකුණු ඉන්දියානු පේෂ කර්මාන්තකරුවන් දිරිමත් කෙරේ

    ඔක්තෝබර් 12, 2021

    චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය තමිල්නාඩු පවර්ලූම් සම්මේලනය සමඟ එක්ව දූත මණ්ඩල පරිශ්‍රයේ දී වෙළඳ හා ආයෝජන නියෝජිත කණ්ඩායමක් සමඟ රැස්වීමක් සංවිධානය කළේය.

    ඇඟලුම් අංශයේ කටයුතු කරන අය සඳහා ශ්‍රී ලංකාවේ පවතින ව්‍යාපාර හිතකර පරිසරය මෙන්ම වෙළඳ හා ආයෝජන අවස්ථා පිළිබඳව රෙදිපිළි නිෂ්පාදකයන් දැනුවත් කිරීම මෙම හමුවේ අරමුණ විය.

    චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් ඩී. වෙන්කටේෂ්වරන් මහතා සිය අදහස් පළ කරමින් ඉන්දියාව ශ්‍රී ලංකාවේ සමීපතම අසල්වැසියා සහ දෙවැනි විශාලතම වෙළඳ හවුල්කරුවා බවත් දෙරටටම වාසිදායක වන අතිවිශාල වෙළෙඳ හා ආයෝජන අවස්ථා රැසක් ශ්‍රී ලංකාව තුළ පවතින බවත් අවධාරණය කළේය.

    තවද, ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම (ISFTA) හා වරණීය වෙළඳ සම්මුති (SAFTA & APTA) යටතේ තීරුබදු සහන ලබා දීම, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් ලබා දෙන ප්‍රමාණවත් සොප් පහසුකම් හා සහන ලබා දීම සහ සුවිශේෂී ලෙස ශ්‍රී ලංකාව ඉන්දියාවට ඉතා ආසන්නයෙන් පිහිටීම නිසා අවම ප්‍රවාහන පිරිවැයක් මෙන්ම අවම නැව් ගත කිරීමේ කාලයක් වැය වීමේ ප්‍රතිඵලයක් වශයෙන් දෙරටේම ජාත්‍යන්තර වෙළෙඳුන්ට වැඩි දියුණු කළ වෙළෙඳ වාසි ලබා ගත හැකි බව ද මහ කොමසාරිස්වරයා පැවසීය.

    තමිල්නාඩු පවර්ලූම් සම්මේලනයේ සභාපති මදිවනන් මහතා, උපරිම පහසුකම් සහ උසස් තත්ත්වයේ නිෂ්පාදන ක්‍රියාවලි හේතුවෙන් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කිරීමේ පවතින වැදගත්කම අවධාරණය කළේය. වැඩිදුර අදහස් දැක්වූ ඒ මහතා, දකුණු ඉන්දියානු ඇඟලුම් නිෂ්පාදකයන් සඳහා ශ්‍රී ලංකාව තුළ බහුලව පවතින අවස්ථා ගවේෂණය කිරීමට මෙන්ම, වත්මන් රෙදිපිළි කර්මාන්තය පිළිබඳ තාක්ෂණික දැනුමක් සහ විශේෂඥ දැනුමක් ලබා දෙන රෙදිපිළි හා කළමනාකරණ ආයතනයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට ද උනන්දු වන බව පැවසීය.

    විවෘත අන්තර් ක්‍රියාකාරී සැසියේ දී හවුල් ව්‍යාපාර පිහිටුවීම, ව්‍යාපාරික සහයෝගිතා සහ ජාත්‍යන්තර ආයෝජකයන්ට ලබා දෙන අනෙකුත් පහසුකම් පිළිබඳව ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික නියෝජිතවරයාගෙන් විමසන ලදි. මෙම ප්‍රශ්නවලට සාර්ථකව පිළිතුරු දුන් නියෝජ්‍ය මහකොමසාරිස්වරයා එරාවූර් රෙදි සැකසුම් කලාපයේ ආයෝජන අවස්ථා ගවේෂණය කිරීමට සහ ඇඟලුම් නිෂ්පාදකයන්ට ලබා දී ඇති අනර්ඝ පහසුකම් අත්විඳීමට ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා පැමිණෙන ලෙස නියෝජිත පිරිසට ආරාධනා කළේය.

     

    සාකච්ඡාව අවසන් කළ නියෝජ්‍ය මහ කොමසාරිස් ඩී. වෙන්කටේෂ්වරන් මහතා ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාරික කටයුතු සිදු කිරීම සඳහා නියෝජිතයන් දැක්වූ දැඩි උනන්දුව සහ අගය කළ අතර ඔවුන් උනන්දුවක් දක්වන අංශ සම්බන්ධයෙන් තම යෝජනා ඉදිරිපත් කිරීම සඳහා දිරිගැන්වීය. තවද, දෙරටේම රෙදිපිළි කර්මාන්තය ශක්තිමත් කෙරෙන තමිල්නාඩු-ශ්‍රී ලංකා පවර්ලූම් සම්මේලනය නොපමාව පිහිටුවීමට ද යෝජනා කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya