මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතිනුයේ සාමූහික වගකීමක්- සෞඛ්‍ය ඇමති

    ඔක්තෝබර් 12, 2021

    බොහෝ ක්ෂේත්‍රයන්ට වඩා සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ පවතිනුයේ සාමූහික වගකීම් පදනම් කරගනිමින් ඉටු කෙරෙන කාර්යභාරයක් බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

    ලොව වටිනාම වෘත්තියක වන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කිසිදු තනි පුද්ගලයෙකුට එම වෘත්තිය තනිව කළ නොහැකි බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය(GMOF) සමඟ (11) එම අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය. එම සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.

    සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු වෘත්තිකයන් අතර හොඳ සංවාදයක් අවශ්‍ය බවත් එ්තුළින් ගැටලු රැසක් නිරාකරණය කරගත හැකි බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    සෞඛ්‍ය කාර්ය මණ්ඩල පුරප්පාඩු පුරවාලන තෙක් කටයුතු කිරීමේදී වෛද්‍ය පරිපාලනය යම් යම් ගැටලු වලට මුහුණ පාන්නේ යැයිද , එනිසා අන් කවරදාටත් වඩා එම ගැටලුව වර්තමානයේ අභියෝගයක් වන්නේ යැයිද හෙතෙම කීය.

    විෂයභාර අමාත්‍යවරයා ලෙස තමන් සියලු වෘත්තිකයන්ගේ ගැටලු , අදහස් හා යෝජනා වලට නිසිලෙස ඇහුම්කන්දෙන බවත්, සාධාරණ ඕනෑම කරුණක් පිළිබඳව දැඩි අවධානය යොමු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

    කොවිඩ් ව්‍යසනය ආ මුල් වකවානුවේ වෙනත් රටවල, විශේෂයෙන් දියුණු රටවල සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පිරිස් ඉන් පලා ගියද මෙරට සෑම තරාතිරමකම පිරිස් උපරිම කැපවීමෙන් රාජකාරියට එහා ගොස් කොවිඩ් පාලනය උදෙසා වගකීමක් ලෙසින් එකට එක් වූ බවද අමාත්‍යවරයා කීය. සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස තමන් ඇතුළු ක්ෂේත්‍රයේ සෑම දෙනාටම ජනතාව මේ මොහොතේ පවරා ඇති වගකීම සාමූහික වගකීමක් ලෙසින් ඉටු කිරීමට උපරිම කැපවීමෙන් කටයුතු කළ යුතු යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඇතුළු එම අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක්ද මේ සඳහා එක්ව සිටියහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya