මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා සහන සත්කාරක විද්‍යායතනය පිහිටුවයි

    ඔක්තෝබර් 12, 2021

    මෙරට සහන සත්කාරක සේවා අවශ්‍ය රෝගීන් සඳහා එම සේවා විධිමත් අයුරින් ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකා සහන සත්කාරක විද්‍යායතනය පසුගියදා පිහිටවනු ලැබිණි. ලෝක සහන සත්කාරක දිනට සමගාමීව එය මෙරට ස්ථාපිත කරනු ලැබීය.

    කොළඹ හිල්ටන් හෝටලයේදී මෙහි සමාරම්භක අවස්ථාව පැවැත්විණි. නව විද්‍යායතනය ආරම්භ කිරීම තුළින් වෛද්‍ය විශේෂඥයින්ට ඒකරාශී වීම හා ඒ ඒ විශේෂඥ දැනුම ඔස්සේ සහන සත්කාරක සේවා වඩා ක්‍රමවත්ව හා විධිමත් ලෙස පවත්වාගෙනයාමට හැකිවේ. ඉන්දියාව ,බ්‍රසීලය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය,බංගලාදේශය ඇතුළු රටවල සහන සත්කාරය පිළිබඳ විශේෂඥයින් මෙම අවස්ථාවට සුබ පැතුම් එක් කර තිබීම විශේෂත්වයකි .ඒ සඳහා වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක් වෙමින් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පෙන්වා දෙනු ලැබුවේ මෙරට සහන සත්කාරක සේවා ශක්තිමත් කිරීම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීයමය දියුණුව හා විශේෂඥතාව වැඩිදියුණු කිරීමට ගනු ලැබූ වැදගත් අංගයක් ලෙසිනි.

    රටෙහි නොමිලේ ලබා දෙන සෞඛ්‍ය සේවාවන් ඉතා ඉහළ මට්ටමට ගෙන එමින් වේදනාවෙන් පෙළෙන රෝගීහු සඳහා සේවය කරමින් සෞඛ්‍ය සේවාවේ සැවොම ඉටු කරනු ලබන්නේ කරුණාවන්ත හා දයානුකම්පිත කුසල කර්මයක් බවද අමාත්‍යවරයා මෙහිදී කීය.

    ලොව නිදහස් සෞඛ්‍ය සේවාව පවතින රටවල් කිහිපය අතරින් ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටින රටක් යැයිද එය තවදුරටත් වර්ධනය කිරීම අපේක්ෂාව යැයිද හෙතෙම කීය. මෙම විද්‍යායතනයේ නව සභාපති ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (මහජන සෞඛ්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග මහත්මිය තේරී පත් වුණු අතර එහි එළඹෙන වසරේ සභාපති ලෙස ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා තේරී පත්විණී.

    විද්‍යායතනය පිහිටුවීමේ නිල අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහකොමසාරිස් තරීක් අරිෆුල් ඉස්ලාම්, ලෝක සෞඛ්‍ය සංවිධානය නියෝජනය කරමින් වෛද්‍ය ඔලීවියා නිවේරස්, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න යන මහත්ම මහත්මීන් සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya