අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    'සිත් සුවපත් '' කරන සියලු දිස්ත්‍රික් ආවරණය වන සර්වරාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනා වැඩසටහනක්

    සැප්තැම්බර් 06, 2021

    පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ලක්වාසී සහ ලෝ වාසී ජනතාවට සෙත් පතමින් වසංගතයෙන් මිදීමට ආශිර්වාද ලබාගැනීම උදෙසා රටපුරා සිත් සුවපත් කරන පිරිත් සජ්ජායන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව පිරිවෙන් අධ්‍යක්ෂ පූජ්‍ය වටිනාපහ සෝමානන්ද හිමිපාණන් වහන්සේ පැවසූහ.

    සැප්තැම්බර් මස 09 වනදා ලංකාවේ පළාත් 09 මුල් කරගනිමින් දිස්ත්‍රික්ක 25 ම ආවරණය කරන සර්වරාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනා 135ක් පමණ පවත්වන බවද, අනෙකුත් පිරිවෙන් ස්ථාන
    650ක සහ බෞද්ධ ශීලමාතා අධ්‍යාපන ආයතන 10ක පමණ මහපිරිත් දේශනාව පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇතැයිද උන්වහන්සේ පැවසූහ.

    මෙවැනි වැඩසටහනක් පැවැත්වීමේ ප්‍රධානම අරමුණ වන්නේ අද මුළු ලෝකයම වෙලාගත් කොරෝනා වසංගත තත්ත්වය හේතු කොටගෙන මියගිය සියලු දෙනාටම පින් අනුමෝදන් කිරීම සහ
    විවිධ පීඩාවන්ට පත්ව සිටින කෝටි සංඛ්‍යාත ජනතාව උදෙසා ආශිර්වාදය පළ කිරීම බව ද කීහ.

    අප රටෙහි ස්වාමීන් වහන්සේලා මෙම උවදුර හේතුවෙන් අපවත් වුනු බව සිහිපත් කළ උන්වහන්සේ වැඩිදුරටත් සදහන් කළේ කොරෝනා වසංගතය නිසා මෙරට මරණ 10,000 ඉක්මවමින් සහ
    ලෝකයේ මරණ ලක්ෂ 50 ඉක්මවා ඇත. සමස්ත රටත් ජන ජීවිතයත් කරදරයකින් තොරව පවත්වාගෙන යා හැකි වන්නේ මෙම වසංගතයෙන් මිදුණු දාට යැයිද, මේ සම්බන්ධයෙන් පිරිත්
    දේශනාවේ ශක්තිය, බලය සම්‍යක් දුෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලා උදෙසා ඔවුන්ගේ රැකවරණය ලබාගැනීම වෙනුවෙන් විශ්වයට පිරිත් දේශනා කර එම ශක්තිය මුසු කරමින් සිත් සුවපත්
    කිරීමට අපේක්ෂිත බවද උන්වහන්සේ පැවසූහ.

    සොලොස්මස්ඨාන ඇතුළු ඓතිහාසික ස්ථාන මෙන්ම පිරිවෙන් ආයතන වලද මෙම වැඩසටහන මේ මස 09 වනදා රාත්‍රියෙහි අරඹා රාත්‍රී 09.09ට දේවතාරාධනාව සිදුකර පරිත්‍රාන ධර්ම දේශනාව
    අරඹමින් පසුදා පහන් වන තුරු මෙම කාර්යය සිදුකිරීමට අපේක්ෂිත බවද, පසුදා (10) උතුරු ප්‍රදේශයේ නාග විහාරයෙන්, කතරගම කිරි වෙහෙරෙන්, අම්පාර දීඝවාපී විහාරයෙන් සහ කැළණිය
    රජමහා විහාරයෙන් යන ආගමික ස්ථාන 04න් ලංකාවේ සිවුකොන නියෝජනය කරමින් පිරිත් පැන් කල 04ක් ජයසිරිමහා බෝධීන් වහන්සේට පූජා කිරීමට සූදානමින් සිටින බවද සෝමානන්ද
    හිමිපාණන්වහන්සේ කියා සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya