මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ග්‍රාමීය වැව් අමුණු සහ වාරි කෘෂි ඇල මාර්ග 1400 ක් ප්‍රතිසංස්කරණයට

    සැප්තැම්බර් 02, 2021

    ග්‍රාමීය වැව් හා ඇල මාර්ග 5000ක් ප්‍රතිසංස්කරණය කිරීමේ වාරි සෞභාග්‍යා මධ්‍යකාලීන ආයෝජන සැළැස්ම යටතේ ගතවූ මාස 7 ඇතුළත ග්‍රාමීය වැව් අමුණු සහ වාරි කෘෂි ඇල මාර්ග 1400 ක ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමට වාරිමාර්ග අමාත්‍යාංශයට හැකි වී තිබේ.

    වාරිමාර්ග රාජ්‍ය අමාත්‍යාංශයේ සෘජු අධීක්ෂණය යටතේ සහ මහවැලි රාජ්‍ය අමාත්‍යාංශයේ දායකත්වය සහිතව ආරම්භ කල වාරි සෞභාග්‍යයා ජාතික වැඩසටහන යටතේ මෙම වැව් අමුණු 1400 ට සමස්ත දිස්ත්‍රික් 25 න්ම තෝරාගත් ග්‍රාමීය වැව් 1200 ක් ද අමුණු හා වාරි කෘෂි ඇල මාර්ග 200 ක් ද ඇතුළත් ය.

    2021 අයවැය යෝජනා තුලින් මෙම වාරි ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙලට වෙන් කරනු ලැබූ ප්‍රතිපාදන තුලින් රුපියල් මිලියන 1179 ක් මෙම වැව් අමුණු 1400 සදහා දැනටමත් වැය කර තිබෙන අතර ඒ අනුව ගතවූ මාස 7 තුල 43% ක මූල්‍ය ප්‍රගතියක් පවත්වාගෙන යාමට හැකි වී තිබේ. එමෙන්ම ආරක්ෂක අංශ, ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ආදි රාජ්‍ය ආයතන මෙම ව්‍යාපෘතිය සදහා උපරිම වශයෙන් යොදා ගනිමින් සිටින අතර ගොවි සංවිධාන සහ පෞද්ගලික අංශයේ දායකත්වය ද ලබා ගනිමින් සිටී.

    මෙසේ ප්‍රතිසංස්කරණය වන වැව් අමුණුවල ජල ධාරිතාවය ඉහළ නැංවීම මඟින් රටේ ගොවි පවුල් ලක්ෂ තුනකට අධික පිරිසකට තම වගා බිම් සදහා දෙකන්නයම වගා කිරීමට හැකි ජලය ලැබෙන අතරම සමහර ඉඩම් සදහා අතිරේක කන්නයකටද ජලය ලබා දීම රජයේ අරමුණ වේ. මේ නිසා ජාතික ආහාර නිශ්පාදන ධාරිතාවය ද ඉහළ නැංවේ.

    දේශීය වාරි ඉතිහාසයේ එකවර වැව් අමුණු 5000 ක් ප්‍රතිසංස්කරණය කොට ජල ධාරිතාවය ඉහළ නැංවීමේ පළමු ජාතික වැඩසටහන වාරි සෞභාග්‍යා වේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya