මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සඟවා තිබූ සීනි තොග රජයේ භාරයට

    සැප්තැම්බර් 01, 2021

    වත්තල, බණ්ඩාරවත්ත ප්‍රදේශයේ ගබඩාවක රහසේ සඟවා තිබූ මහා පරිමාණ සීනි තොගය පිළිබඳව සොයා බැලීමට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරල් එම්.ඩී.එස්.පී නිවුන්හැල්ල මහතා ඇතුලු පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් සහ පොලිසිය එම ගබඩා සංකීර්ණයට ගොස් තිබේ.

    පාරිභෝගික සේවා අධිකාරියට ලද තොරතුරකට අනුව රහසේ සඟවා තිබූ මහා පරිමාණ සීනි තොගය වැටලීම සිදු කර ඇති අතර මේ වන විට එම සීනි තොගය රජයට පවරා ගෙන අද (01) අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාගේ අධීක්ෂණය යටතේ රැගෙන යෑමට කටයුතු කර තිබුණි.

    සීනි ආනයනකරුවන් සීනි තොග සඟවිමින් රටේ කෘතිම සීනි හිඟයක් ඇතිකිරීමට කටයුතු කර ඇති බවට වාර්තා වීමත් සමඟ පාරිභෝගික සේවා අධිකරිය විසින් අදාල සීනි තොග වටලා මුද්‍රා තැබීමට පසුගිය දා පියවර ගත්තේ ය.

    රජය භාරයට ගන්නා සීනි තොග හෙට දිනයේ සිට රුපියල් 125ත් 130ත් අතර මිලකට ජනතාවට ලැබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (1) මාධ්‍ය වෙත අඳහස් දක්වමින් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya