මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''ගුරු විදුහල්පති සේවය'' අභිමානවත් සේවයක් කිරීමට කටයුතු කරනවා- අමාත්‍ය මහින්ද අමරවීර  

    සැප්තැම්බර් 01, 2021

    ලබන අයවැය ලේඛණය ඉදිරිපත් කිරීමට පෙර ගුරු සේවය සංවෘත සේවයක් කිරීමේ ගැසට් පත්‍රය නිකුත් කිරීම සඳහා කටයුතු යොදනු ඇති බවත්, ගුරු විදුහල්පතිවරුන්ට පරිපාලන සේවය යාමට තිබූ බාධා ඉවත් කරමින් පරිපාලන සේවා ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා කටයුතු යෙදීමට අවශ්‍ය නිර්දේශ ලබා දී ඇති බවත්, පරිපාලන සේවයට යාමේදී පාසලක ඉගැන්වීම් කටයුතු සිදු කළ ගුරුවරුන් සඳහා එම අවස්ථාව ලබාදිය යුතු බවත්, ගුරු විදුහල්පති සේවය අභිමානවත් සේවයක් කිරීමට කටයුතු කරන බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    “ගුරු, විදුහල්පති වැටුප් ගැටලුවට විසඳුම - ඇමැති කමිටුව පැහැදිලි කරයි” යනුවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ සැප්තැම්බර් 01 දා (අද) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    වැටුප් වැඩිකිරීමේ කමිටුවේ නිර්දේශ බැහැර කරමින් ඒවා වෙනුවට සාධාරණ විසඳුම් ලබාදීමටත්, අධ්‍යාපන අමාත්‍යංශයේ යෝජනා සැළකිල්ලට ගනිමින් එම යෝජනාවලටද වඩා වැඩි මුදල් ප්‍රමාණයක වැටුප් ලබාදීමට එනම් ගුරුවරුන් වෙනුවෙන් රුපියල් බිලියන 32ක් අතිරේකව ගුරුවරුන් සඳහා අයවැයෙන් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුකමිටුව විසින් යෝජනා කළ බවද අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

    එමෙන්ම ගුරු සේවයේ යෙදී සිටින පිරිසට නිල හැඳුනුම්පතක් හෝ නොමැති බවත්, ඒ සියලු කටයුතු ඉතාමත් කඩිනමින් ආරම්භ කරන ලෙස අනුකමිටුව විසින් නිර්දේශ කළ බවත්, තිබෙන ආර්ථීක තත්වය සළකා බලමින් අන්තර්ජාලය වැනි පහසුකම් සුදුසු අයුරින් පන්තිකාමර සඳහාද ලබාදිය යුතු බවත්, අමාත්‍යවරයා පැවසීය.

    මේ සඳහා තවත් රුපියල් බිලියන ගණනක් වෙන් කිරීමට සිදුවන බවත්, රාජ්‍ය ආර්ථිකය පහළ මට්ටමක තිබියදී පවා ගුරුවරුන්ගේ වැටුප් සම්බන්ධයෙන් සාකච්ඡා සාධනීය මට්ටමෙන් සිදු කළ බවත්, මහින්ද අමරවීර මහතා පැවසීය.

    ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට එක් වූ පිරිසට ගුරු සේවයේ වැටුපවත් නොලැබී විශාල වගකීම් ප්‍රමාණයක් ඉටු කිරීමට සිදුවීම සම්බන්ධයෙන් විදුහල්පති සංගම් තමන් සමග සාකච්ඡා කළ බවත්, එය ඉතා සංවේදී කාරණයක් බවත්, එම කාරණා සැළකිල්ලට ගනිමින් ගුරු සේවයෙන් විදුහල්පති සේවයට එකතු වන පිරිසට වැටුප් අසාධාරණයක් නොවන ආකාරයට වගබලා ගැනීමට අමාත්‍ය අනුකමිටුව කටයුතු කර ඇති බවත්, අමාත්‍යවරයා පැවසීය.

    විදුහල්පති සේවය මාණ්ඩලික සේවයක් වුවද මාණ්ඩලික සේවය සඳහා ලබා දිය යුතු කිසිඳු වරප්‍රසාදයක් ලබා දී නොතිබූ හෙයින් ඔවුන්ට දුරකතන දීමනා, ඉන්ධන දීමනා, කාර්යාල පහසුකම්, අනෙකුත් පරිපාලන කටයුතු සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩල ලබාදීම ඇතුලු මාණ්ඩලික ශ්‍රේණියේ සමාන්තර පිරිස් ලබන සියලු වරප්‍රසාද ලබා දීමට කටයුතු කරන ලෙස යෝජනා අමාත්‍ය මණ්ඩල අනුකමිටුව මගින් ලබා දී ඇති බවත්, එමෙන්ම දුෂ්කර පලාත්වල සේවය කරන විදුහල්පතිවරුන් මෙන්ම ගුරුවරුන්ට වෙනත් දීමනාවක් ලබාදිය යුතු බවට වන නිර්දේශය ලබා දී ඇති බවත්, අමාත්‍යවරයා පැවසීය.

    ගුරු විදුහල්පති වැටුප් ගැටලුව සම්බන්ධයෙන් වූ සුබෝධනී කමිටු වාර්තාව තුළින් ලබා දී ඇති නිර්දේශ මේ මොහොතේ ක්‍රියාත්මක කිරීමට අපහසු බවත්, එහි තිබෙන සාධානීය යෝජනා සම්බන්ධයෙන් සැළකිල්ලට ගනිමින් ඒවාද එකතු කරගනිමින් අනුකමිටුව නිර්දේශ ලබා දුන් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    ගුරු විදුහල්පති වැටුප් ගැටලුව ඇතුළු අනෙකුත් ගැටලු සඳහා සංවේදී විසඳුම් ලබා දී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් සළකා බලා අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් සිදුකරන සේවයක් ලෙස සළකා බලා නැවතත් ඔන්ලයින් මාර්ගගත අධ්‍යාපනය ලබා දීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටින බවත් අමාත්‍යවරයා පැවසීය.

    අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ මෙරට තිබෙන ගුරු අභ්‍යාස විද්‍යාල 18ටම විශ්ව විද්‍යාල බවට පත් කරමින් ඉතාමත් හොඳ තත්වයේ ගුරුවරු ලබාදීම සිය බලාපොරොත්තුව බවද අධ්‍යාපනය ඉහළට ලබන ගුරුවරුන්ට වෙනත් දීමනා ලබාදීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවද අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya