මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව හෙට රැස්වේ

    සැප්තැම්බර් 01, 2021

    ඉදිරි සතියේ පාර්ලිමේන්තු කටයුතු තීරණය කිරීම සඳහා, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව හෙට( 02) පස්වරු 2.00ට රැස්වීමට නියමිතය.

    පාර්ලිමේන්තුව ඊළඟට රැස්වන 2021 සැප්තැම්බර් 06 වන සඳුදා විශේෂ පාර්ලිමේන්තු දිනයක් වන අතර, කොව්ඩි වසංගත තත්ත්වය නිසා පසුගිය කාලයේ පාර්ලිමේන්තුව නියමිත ලෙස රැස්වීමට නොහැකි වීම නිසා, එම කාලයේදී පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ඇසූ බොහෝ ප්‍රශ්නවලට පිළිතුරු දීමට අමාත්‍යවරුන්ට හැකියාව නොලැබුණි.

    එහෙත් එම කාලීන වැදගත්කමකින් යුතු ප්‍රශ්නවලට ආණ්ඩුව වෙනුවෙන් පිළිතුරු ලබාදිය යුතු නිසා රජයේ සහ සභානායකවරයාගේ අදහස අනුව විශේෂ පාර්ලිමේන්තු දින 02ක් ලබාදීමට යෝජනා වී තිබිණි. 2021.08.05 පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව වෙත සභානායක, අමාත්‍ය  දිනේෂ් ගුණවර්ධන මහතා එම යෝජනාව ඉදිරිපත් කළ අතර, කාරක සභාවේ සිටි ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ සාමාජිකයෝ ඊට එකඟ වූහ.

    ඒ අනුව 2021 සැප්තැම්බර් 06 සහ 27, විශේෂ පාර්ලිමේන්තු දින ලෙස ප්‍රකාශයට පත් කිරීමට තීරණය විය.

    එම දින තුළ, මෙලෙස පිළිතුරු ලබා නොදුන් ප්‍රශ්නවලට පමණක්, ඉඩ ලබාදීමටත් තීරණය වූ බව සභානායක, අධ්‍යාපන අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

    මීට අමතරව 2021.සැප්තැම්බර් 07,08,09,10 යන දිනවල පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳ හෙට(2021.09.02) රැස්වන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කරනු ඇත. පසුගිය පාර්ලිමේන්තු සතියේ අගෝස්තු 17 පමණක් පාර්ලිමේන්තුව රැස්වූ අතර, පවතින කෝවිඩ් තත්ත්වය මත සභානයකවරයාගේ ඉල්ලීම මත 2021.08.16 කැඳවූ හදිසි පක්ෂ නායක රැස්වීමේදී එම තීරණය ගනු ලැබිය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya