මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුරු වැටුප් ගැටළුව සම්බන්ධයව කැබිනට් මණ්ඩලයේ තීන්දුව කුමක්ද යන්න ලබන සතියේ දී ලබා දෙනවා - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම

    අගෝස්තු 24, 2021

    ගුරු වැටුප් ගැටළුව සම්බන්ධයව කැබිනට් මණ්ඩලයේ තීන්දුව කුමක්ද යන්න නිසැකවම ලබන සතියේ දී ලබා දෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (24) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ගුරු වෘත්තීය ගැටළුව පිළිබඳ මාධ්‍යවේදියෙකු විසින් කරන ලද පැනයට පිළිතුරු වශයෙන් ඒ මහතා මේ බව කියා සිටියේය.

    තමා සහ විමල් විරවංශ, මහින්ද අමරවීර, ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරුන්ගෙන් සැදුම්ලත් කැබිනට් අනු කමිටුවක් ලෙස ඊයේ දින (24) රැස් වූ අතර එම අනුකමිටුව විසින් මෙම කටයුත්තට අදාළව දින හයකට අධික කාලයක් ඉතාම වෙහෙසකර අභ්‍යාසයක නිරත වූ බවත්, එකී සියලු අමාත්‍යවරුන් එම අනු කමිටුවේ වගකීම භාර ගනු ලැබූයේ හුදු දේශපාලනඥයින් ලෙස පමණක් නොව දේශපාලනඥයින්ගේ භූමිකාව ඉක්මවා යන පිතෘත්වයේ භූමිකාවත් රැගෙන බව හෙතෙම මෙහි දී කියා සිටියේය.

    රට තුළ පවතින කොවිඩ් වසංගතයෙන් බරපතල ලෙස ඔත්පල ව සිටින්නේ මෙරට දරුවන් බව මේ මොහොතේ කිසිවෙකුට බැහැර ලිය නොහැකි සියලු දෙනා පිළිගත යුතු කරුණක් බව ප්‍රකාශ කර සිටි අමාත්‍යවරයා, ඊයේ රැස් වූ අනුකමිටුව මඟින් කරුණු රැස් කර වාර්තාවක් සකස් කර ඇති බවත් ඊයේ දින පැවතී කැබිනට් මණ්ඩල රැස්වීමේ දී සාකච්ඡා කරන ලදුව එම සාකච්ඡාවේ ඉතිරිභාගය ලබන සතියේ දී සිදු කිරීමට නියමිත බවත් මෙහි දී සඳහන් කර සිටියේය.

    ඊට හේතුව වශයෙන් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ, තවත් ආයතන රාශියක් සමඟ නිරීක්ෂණ ලබා ගත යුතුව තිබෙන බව ද  ලබන සතියේ දී කැබිනට් මණ්ඩලය විසින් ගුරු ගැටලුවට ලබා දෙන විසඳුම කුමක් ද යන්න නිශ්චිතවම දැනුම් දෙනු ලබන බව ද අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya