මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුව රැස්වීම අද පමණයි - පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව තීරණය කරයි

    අගෝස්තු 17, 2021

    පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීම් අද (17) පමණක් පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

    මේ අනුව අද (17) පෙ.ව 10.00 ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙරවරු 10.00 සිට 11.00 දක්වා කාලය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත.

    අනතුරුව පෙ.ව 11.00 සිට ප.ව 4.30 දක්වා 2019 කොරෝනා වෛරස් රෝගය (කොවිඩ්- 19) (තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පත, නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමයන් ද්විත්වයක් සහ රේගු ආඥා පනත (235 අධිකාරිය) යටතේයෝජනා ද්විත්වයක් විවාදයට ගැනීමට නියමිත බවද මහලේකම්වරයා පැවසීය.

    ඉන්අනතුරුව ප.ව 4.30 සිට 4.50 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන්කොට ඇති අතර ප.ව 4.50 සිට 5.30 දක්වා ආණ්ඩු පක්ෂය ගෙන එන යෝජනාව අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතය.

    මේ අතර මීට පෙර පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ පරිදි විවිධ හේතූන් නිසා පාර්ලිමේන්තුවේදී ඇසීමට නොහැකි වූ දැනට පවතින වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන්කළ සැප්තැම්බර් මස 06 වන සදුදා දිනය මීළග පාර්ලිමේන්තු දිනය ලෙස ද මෙහිදී තීරණය විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya