මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුධිරය ලබා දීමට පැමිණෙන පුද්ගලයින් සඳහා රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවක්

    අගෝස්තු 13, 2021

    කොවිඩ් මර්ධනය සඳහා ලබාදෙන එන්නතක පළමු මාත්‍රාව හෝ දෙවනි මාත්‍රාව එන්නත්කරණය කළ පුද්ගයින් වේනම් ඔවුන් එන්නත ලබාගත් දිනයේ සිට සතියක කාලයක් යනතුරු රුධිරය ලබා නොදීය යුතු බව රුධීර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා පැවසීය.

    ඒ මහතා මේ බව පැවසූයේ, කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ කාර්යභාර්ය සම්බන්ධයෙන් අද (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති සාකච්ඡාවට එක්වෙමිනි.

    රුධිර පාරවිලයන මධ්‍යස්ථාන ඉතා සුරක්ෂික බවත් රුධිරය ලබා දීමට පැමිණෙන පුද්ගලයින් සඳහා රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවක් සිදු නොවන බවද වෛද්‍යතුමන් පැවසීය.

    තවද කොවිඩ් රෝගය රුධිරය හෝ රුධිර සංඝටක හරහා සම්පේශනය වීමක් සිදු නොවන බවත් මධ්‍යස්ථානයකදි කොවිඩ් රෝගය වැළදීම වැළැක්වීම සඳහා උණ බැලීම, ප්‍රශ්නාවලියක් ලබා දීම මඟින් කොවිඩ් රෝගියෙකු සමග සම්බන්ධවී ඇත්දැයි බැලීම වැනි ක්‍රමෝපායන් අනුගමනය කරන බවද සඳහන් කළේය.

    කොවිඩ් රෝග ලක්ෂණ ඇතිනම් හෝ කොවිඩ් රෝගියෙකුගේ ආශ්‍රිතයෙන් නම් හෝ මාස 03ක් ඇතුලත විදේශයක සිට පැමිනි පුද්ගලයෙක් නම් රුධිර පාරවිලයන මධ්‍යස්ථාන වලට පැමිණිමෙන් වළකින ලෙසද ඒ මහතා කියා සිටියේය.

    මෙම කොව්ඩ් වසංගතය හමුවේ අපට ඇති අභියෝගය වන්නේ මේ කාලය තුළ ජාතික රුධිර පාරවිලයන සේවය අඩාල නොවි පවත්වා ගැනීම බව පැවසූ වෛද්‍යතුමන් පැය 24 පුරාම ක්‍රියාත්මක ක්ෂණික දුරකතන අංක 011 5332153 / 0115332154 ඇමතීමෙන්ද, www.nbts.health.gov.lk වෙබ් පිටුවට සම්බන්ධ වීමෙන්ද රුධිර දායකයින් සඳහා වේලාවන් වෙන්කර ගැනීමට හැකි බවත් සංචරණ සීමා පනවන කාල පරාසයේදි වුවද රුධිර දායකයින් සඳහා දිවයින පුරා ඔනෑම රුධිර පාරවිලනය මධ්‍යස්ථානක් වෙත පැමිණිමට අවශ්‍ය කටයුතු සූදානම් කළ බවද පැවසීය.

    ඒ අනුව නිවසට ආසන්න හෝ සේවා ස්ථානයට ආසන්න රුධිර පාරවිලයන මධ්‍යස්ථානයක කාල වේලාවක් වෙන් කර ගැනීමට හැකියාවක් තිබෙන බවද අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා සඳහන් කළේය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya